නෙත් FM නිවේදක චණ්ඩි සැඟවෙන්නෙ ඇයි ? -GO RIGHTS COLLECTIVE-

Published in පුවත්
Saturday, 14 February 2015 12:20

පසුගිය දා නෙත් නාලිකාවේ බැලුම්ගල නම් වැඩසටහන මගින් වැලිකඩ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වාර්ථා වැඩසටහනක් විකාශය වූ අතර ඒ වැඩ සටහන මගින් ඔවුන් කියන්නට උත්සහ කළේ මේ රැදවියන් ඝාතනය පිටුපස සිටින්නේ සිංහල කොට් බවත්,එන්.ජී.ඕ නඩයක් බවත් මේ නිසා මෙය රටට එරෙහි කුමන්න්‍රණයක් වන බවත්ය.

ඒ අනුව මේ වැඩටහන පුරා මෙය මෙහෙය වන මාධ්‍යෙව්දීන් දෙදෙනා මෙය රටට එරෙහි කුමණ්න්‍රණයක් බව ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සහ ගත්හ. එහිදී ඔවුන් දැනට සේවයේ සිටින බන්ධනාගාර නිළධාරියෙකු ගේ සහයද ලබා ගන්නා අතර එම වැඩසටහන පුරා ඔවුන් කියන්නේ එහෙන් මෙහෙන් අහුල්ලා ගත් තොරතුරය.

අප සංවිධානය විසින් මෙම සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් නීතියේ රැහැනට හසුකර දී වරදකරුවන්ට අධිකරණය මගින් දඩුවම් ලබා දියයුතු බව මුල පටන්ම විශ්වාස කලෝය. ඒ අනුව මුල්නම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අප සමග සම්බන්ධ වී සිටින සුදේශ් නන්දිමාල් නම් ඇසින් දුටු සාක්ෂිකරුවා විසින් පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.

පසුව එම ඝානය මගින් අගතියට පත් රැදවියන්ගේ ඥාතී වින්දිතයන් සමග අප වට කිහිපයක් සාකච්ඡා කරනු ලැබුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවය. ඒ පිළිබදව මාධ්‍ය මගින් කිසිදු ප්‍රසිද්ධත්වයක් ලබා නොදුන්නේ එකී ඥාතීන්ගේ ආරක්ෂාව ගැන සලකාය. තවද නන්දිමාල්ට අමතරව අප සමග සිටින ඇසින් දුටු සාක්ෂිකරුවන් කිසිවකු මේ වන තුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකලේ එකී සාක්ෂිකරුවන් ගේ ආක්ෂාව පිණිසය.

මේ මහා මිනිස් ඝාතනය යළි කිසිදු දිනක ඉතිහාසයේ ඇති නොවන්නට නම් අප එකී අපරාධයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතියට අනුව දඩුවම් ලබා දිය යුතුය.


අප විසින් විධිමත්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් යන අතරවාරයේ නෙත් නාලිකාවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව කිසිදු සාක්ෂියක් නොමැතිව කොටි සටන් පාඨය කරලියට ගෙන වැඩ සටහන් දෙකක් කලෝය. අප එයට එරෙහිව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කරන ලද අතර අද දිනයේ එකී පැමිණිල්ල විභාගයට නියම වුණි. එම අවස්ථාට අප සංවිධානනයේ නීතීඥවරුන් පිරිසක් සහභාගි වූ අතර අප 2.30ට ලබා දුන් වේලාවට පොලීසියට පැමිණියද මෙම නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සහ නීතීඥවරියක පැමිණියේ 4.30 ටය. පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ මෙම නාලිකාවේ අය ඊට කිසිදු සූදානමකින් නොපැමිණි නිසා යළි පැමිණිල්ල විභාගයට ලබන 16 වනදාට දින ලබා දුනි.

අප මේ සම්බන්ධයෙන් කිසිදු සමථයක් බලාපොරොත්තු නොවන අතර විමර්ශන අවසානයේ අධිකරණයට කරුණු වාර්ථා කිරිමෙන් පමණක් ප්‍රශ්න නිමාකර ගන්නට අප බලාපොරොත්තු වන්නේමු. අධිකරණයට අපහාස කිරීම, සිවිල් අයිතිවාසිකම් සදහා වූ සම්මුති පනත උල්ලංඝණය කිරීම, සාක්ෂිකරුවන්ට අනිසා බලපැම් කිරීම සහ ඔවුන් බිය වැද්දීම, අපරාධයක් සගවන්නට සහය ලබාදීම, ජාතීන් අතර අසමගිය ගොඩ නගන්නට කටයුතු කිරීම ඇතුලු බරපතල චෝදනා රැසක් දැනටමත් මෙම නාලිකාවට විරුද්ධව අප විසින් ගොනුකර තිබේ.

අපට කුක්කන් යැයි කියමින් චන්ඩිපාට් දැමු මේ මහා මාධ්‍යවේදීන් පොලීසියට නොපැමිනෙන්නේ මන්ද යැයි අප නොදනිමු. කෙසේ නමුත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දීම උදෙසා අප විසින් ඇරඹි අරගලය ජාතිවාදී බොරු සටන්පාඨ වලින් යටපත් කරන්නට කිසිවිටෙකත් අප ඉඩ නොතබන අතර ප්‍රශ්න අධිකරණයේ දී විසදා ගන්නට අප කැමතිය.

-GO RIGHTS COLLECTIVE-


සැබඳි පුවත් :


1 නෙත් FM ජඩමාධ්‍ය කෙරුවාවට උදුල්ගෙන් උත්තරක් (VIDEO)

2 නෙත් FM නාලිකාවට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us