විමල්වත් අත් අඩංගුවට ගැනීමට නියමිතයි

Published in පුවත්
Tuesday, 24 February 2015 07:46

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එළැඹෙන 25දා දක්වා රිමාන්ඩ් බාරයට පත්කිරීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23දා) නියෝග කළේය.

ඇය ප්‍රතිකාර ලබන මාළඹේ පෞද්ගලික රෝහලට ගිය මහේස්ත්‍රාත්වරයා ඇය රෝහලේම බන්ධනාගාර නිලධාරීන් බාරයට පත්කළේය.

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සිය දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකවල ද බිරියගේ හා තමාගේ උපන්දිනය හ නම වෙනස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලීසිය ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ දැනුම් දුන්නේය‍.

මේ අනුව ඉදිරියේදි ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතාවද අත් අඩංගුවට ගැනීමට සිදුවනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි


2008.12.10 වන දින මේ වෙනස් කිරීම් සිදු කර ඇති අතර වීරවංශ මහතාගේ උපන්දිනය 1965.03.07 - 1970. 03.07 ලෙසත් බිරියගේ උපන්දිනය 1967.02.01 – 1971.02.01 හා ගිර්ජා උදයන්ති යන නම ශෙහාරා උදයන්ති ලෙසට දරුවන්ගේ උප්පැන්නවල සංශෝධන කර ඇත.

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ගමන් බලපත්‍ර දෙකක් භාවිත කිරීමේ චෝදනාව සැකකාරියට එරෙහිව රහස් පොලිසිය ගොනු කර තිබිණි.

ව්‍යාජ ගමන් බලපත්‍රය රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් වන බැවින් ඒ සඳහා එවකට ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතු ලිපියකට 2010.09.13 වන දින ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ගමන් බලපත්‍රය නිකුත් කර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

මේ බලපත්‍රය ලබා ගැනීමේදී පෙර ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තු වෙත වසන් කර ඇති බවත් එම බලපත්‍රය විනාශ කර ඇති බව ද තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පාලක නිශාන්ත අනුරුද්ධ මහතා රහස් පොලිසිය වෙත ප්‍රකාශ කර සඳහන් කර තිබිණි.

ජාතික හැඳුනුම්පත් අංක 675320233 V උපන් දිනය 1967.02.01 උපත ලෙස සඳහන් රණසිංහ මුදියන්සේලාගේ ගිර්ජා උදයන්ති ලෙසත් ජාතික හැඳුනුම්පත් අංක 715344696 V උපන් දිනය 1971.02.03 රණසිංහ මුදියන්සේලාගේ ෂෙහාරා උදයන්ති ලෙස 2010.04.13 නිකුත් කර ඇති බව පවසන ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව 2015.01.23 දෙපාර්තමේන්තු සහකාර කොමසාරිස්වරිය පවසා ඇත්තේ හැඳුනුම්පත්වල මුල් ගොනු විනාශ වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මධ්‍යම ලේඛනාගාරයේ ගොනු පරීක්ෂා කළ බව පවසන රහස් පොලිසිය දරුවන්ගේ උප්පැන්න සහතිකවල පියාගේ උපන්දිනය, මවගේ නම හා උපන්දිනය සංශෝධනය කර ඇති බවට ලේඛන සොයා ගත් බව පැවසීය.

1997 ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිය අතහැර ගිය බවට ඉඹුල්ගොඩ ග්‍රාමනිලධාරීවරයා ද 2008 සිට මේ දක්වා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට සහතික තමා නොදුන් බවට තිඹිරිගස්යාය ග්‍රාමසේවා නිලධාරිවරයා ද රහස් පොලිසියට ප්‍රකාශ ලබා දී තිබිණ.

තවද (සැකකාරියගේ) 5935 දරන උප්පැන්න සහතිකය ව්‍යාජ උප්පැන්න සහතිකයක් බවට කොළොන්නාව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරිය ප්‍රකාශ ලබා දී තිබේ.

මීට අමතරව සැකකාරිය ඉගෙනුම ලැබූ ගම්පහ මිරිස්වත්ත විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ද ඇයගේ උපන්දිනය 1967/2/1 බවට විදුහලට ලද ලේඛන අනුව ප්‍රකාශ ලබා දී තිබිණ.

වීරවංශ මහතාගේ පළමු දරුවා විභූති විශ්වජිත් වීරවංශ හා දෙවන දරුවා විමාශා විශ්වාදරී වීරවංශ උප්පැන්න සහතිකවල පියාගේ උපන්දිනය ලෙස 1965/3/7 - 1970/3/7 ලෙස සංශෝධනය කර ඇති බවත් මවගේ උපන්දිනය 1967/2/1 - 1971/2/3 ලෙස නම ශිර්ජා උදයන්ති ෂෙහාරා උදයන්ති ලෙස නාමය 2008/12/10 වෙනස් කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

දරුවන්ගේ උප්පැන්නේ මවගේ හා පියාගේ උපන් දිනය නම වෙනස් කිරීමට වීරවංශ මහතාගේ නියෝගයකට අනුව බිරිය මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ටාර් ජනරාල් එච්. සුමතිපාල හෙට්ටිආරච්චි මහතා හමුව ඇති බවට ද කරුණු අනාවරණය වූයේ යැයි පොලිසිය අධිකරණයට පැවසීය.

නො 233/16 රත්නායක මාවත, දකුණු තලංගම, බත්තරමුල්ල පදිංචි හේවාපතිරණගේ චමින්ද පෙරේරා විසින් ඉකුත් ජනවාරි 23වන දින රහස් පොලිසිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටි විමල් වීරවංශ මහතාගේ බිරිය වන රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශ මහත්මිය ආගමන විගමන පාලකවරයාගේ හෝ බලයලත් නිලධාරියෙකු වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන් ය.

ඇය විසින් එන් 1284124 ගමන් බලපත්‍රය ජාතික හැඳුනුම්පත් අංක 675320233v ලබාගෙන ඇති අතර ඩී. 3642817 දරන විදේශ ගමන් බලපත්‍රය ජාතික හැඳුනුම්පත් අංක 715344696v ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පෙබරවාරි හය වන දින අයි ඇන්.ඩී.ඊ 14/15 යටතේ උධෘත නීතිපතිවරයා වෙත ගොනු කළ බව කියන රහස් පොලිසිය නීතිපති උපදෙස් අනුව ඇයගේ ප්‍රකාශ ලබා ගන්නට අවසර ලබා දී තිබූ බැවින් ඇයට ඒ බව බත්තරමුල්ල, ජයන්තිපුර හා පන්නිපිටිය පොල්වත්ත ලිපිනයන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

පසුව ඉකුත් 21වන දින ඇය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට නීතිඥයෙකු මාර්ගයෙන් රහස් පොලිසිය වෙත දැනුම් දුන් බවත් රහස් පොලිසියට කැඳවන බව දැනුවත් ව සිටිය දී ඇය රෝහල්ගතව ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

නේවාසික ප්‍රතිකාර ලබන ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. ඉලගවන් මහතා පරීක්ෂාවට ලක් කොට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් සිටින බවට දැනුම් දීමෙන් අනතුරුව ඇය 429 කාමරය තුළ දී අත්අඩංගුවට ගත් බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේය.

1993 අංක 16 1998 අංක 42 2006 අංක 3 පනතේ සංශෝධිත 351 අධිකාරියේ වූ ආගමික විගාමික පනතේ 45 (1) අ, ඇ. ඊ. ඕ. හා ද.නි.ස 453 කියැවෙන 454 459 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සැකකාරිය විසින් සිදු කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

දැනට අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය රහස් පොලිසිය බාරයේ සිටින බව පැවසූ රහස් පොලිසිය ජාතික හැඳුණුම්පත් 675320233v 715344696v භවිතා කර බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමඟ සැකකාරිය ගනුදෙනු සිදු කර බැංකු ගිණුම් හෝ එම හැඳුනුම්පත් භාවිතා කර බැංකු ණය ලබාගෙන ඇත්ද? යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසීය.

මෙම කරුණු අනුව සැකකාරියට ඇප ලබා දීමට විරෝධය දක්වන රහස් පොලිසිය ඇයට ඇප ලබා දුන්නේ නම් සාක්කිවලට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බැවින් 1997 අංක 30 ඇප පනතේ 14 (1) අ (11) වගන්ති ප්‍රකාරව ඇප ලබා දීමට විරුද්ධ වන බව පැවසීය.

නො 74/7, මංගල මාවත, හෝකන්දර පදිංචි ශිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශ නැමැති සැකකාරිය ලබන මස 9වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නේවාසිකව ප්‍රතිකාර ලබන කාමර අංක 429 සිටින ඇය බන්ධනාගාර නිලධාරීන් බාරයට ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

Last modified on Tuesday, 24 February 2015 07:47

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us