‘කාන්තාවන්ට යහපත් රටක්’ - ජනපතිගේ ප්‍රාර්ථනාව

Published in පුවත්
Sunday, 08 March 2015 09:30

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ලෙස කාන්තාව බල ගැන්වීම මනුෂ්‍ය වර්ගයා බල ගැන්වීම යන්නයි. කාන්තාවට යහපත් රටක් යන තේමාව යටතේ ශී‍්‍ර ලංකාව අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.

සමාජයීය මෙන් ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ද කාන්තා හිංසන සහ වෙනත් එදිනෙදා තර්ජනවලින් ද කාන්තාව ආරක්ෂා කර ගැනීමටත් මත්කුඩු සහ මත්වතුරවල ආදීනයන්ගෙන් ඇය සුරැකීමටත් මෙම රජය යහපාලන ප්‍රතිපත්තිය මගින් බැඳී සිටින බව අදට (8) යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටී.

ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද එම පණිවුඩය මෙසේ ය.

සුවිශේෂ සමාජ පරිවර්තනයන් ඇතිවන මෙම නූතන යුගයේ කාන්තා අයිතිවාසිකම් සපුරාලීමට ප්‍රමුඛ ස්ථානයක් ලැබී ඇත. ලොව පුරා කාන්තාවට හිමි නිසි තැන උදාකර දීම සඳහා සමාජ, ආර්ථික, දේශපාලන මෙන් ම සංකල්පමය වෙනස්කම් සිදු වෙමින් පවතී. මානුෂීය අගයන් සහිත අපගේ සංස්කෘතික පසුබිම මත මානව සංහතියට කාන්තාව විසින් ඉටු කැරෙන මෙහෙය සැමදා අගය කළ යුතු බව ද කාන්තාවකට සහජයෙන් උරුම වන මවු ගුණය, මෘදු බව, කාරුණික බව හා දයාව වැනි ගුණාංග තුළින් අප සමාජයේ පැවැත්ම මෙන් ම ඉදිරි ගමනට වන දායකත්වය පිළිබඳව ‍ද හොඳින් සලකා බැලීමට අද වැනි දිනයක් ඉතාමත් යෝග්‍ය වේ.

මෙරට ස‍ෑම ක්ෂේත්‍රයකම සමාජ සහ ආර්ථික පැවැත්මට දායක වන්නා වූ ද විදෙස් රටවල නොයෙකුත් දුෂ්කර කාර්යයන්හි යෙදෙමින් දහදිය හෙළා මවුබිමේ ආර්ථිකයට මුදල් එවන මෙන් ම මවක් ලෙස දරුවන් හැදීම සහ වැඩීම යන මහඟු කාර්යයන්හි යෙදී සිටින්නා වූ ද කාන්තාවන්ගේ කාර්යයන් අප විසින් නිසි ලෙස අගය කිරීමේ යුතුකම ඉටු කළ යුතු වේ.

ලොව පුරා කාන්තාවන්ට ගෞරව කරමින් වඩාත් උසස් තලයකට ඔවුන් ගෙන යාමේ අවශ්‍යතාව සාක්ෂාත් කරගැනීමේ මහඟු අරමුණ කාන්තා දින ‘‍එය සිදුවන්නට දෙන්න’ යන තේමාවට සමගාමීව මෙරට කාන්තා දින තේමාව වන ‘කාන්තාවට යහපත් රටක්’ තුළින් සමාජීය තත්ත්වයන් සහ පරිසරයන් නිර්මාණය කිරීමේ උත්සාහයන් යථාර්ථයක් කිරීමට මෙම රජය ගන්නා පියවරයන් හි සුබවාදී ප්‍රතිඵලය වෙත සිත යොමු කර තිබීම සතුටට කරුණකි.

අප රටේ කාන්තාවන් නිසි ලෙස අගය කරන, ඔවුනට සාධාරණත්වය ඉටුවන ‘කාන්තාවන්ට යහපත් රටක්’ නිර්මාණය වන හෙට දිනක් ප්‍රාර්ථනා කරමින් මෙම 2015 ජාතික කාන්තා දින සැමරුම් උලෙළට සුබ පැතුම් පිරි නමමි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us