උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපන් රජයෙන් රුපියල් මිලියන 164ක්

Published in පුවත්
Friday, 13 March 2015 13:01

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතිය යටතේ ජපන් රජය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම අද (13) ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාගේ මූලිකත්වයෙන් ජපන් තානාපති නිල නිවසේදී සිදු කරන ලදී.

උතුරේ නැවත පදිංචි ජනතාවගේ ජීවනෝපාය කටයුතු වලට අවශ්‍ය ආරක්‍ෂිත ඉඩම් ලබාදීම සඳහා උතුරු ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ලබා දෙන මෙම ප්‍රධානය යටතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා MAG( Mines Advisory Group) ආයතනය වෙත රුපියල් මිලියන 70ක සහ DASH( Delvon Assiatance for Social Harmony Sri Lanka) ආයතනය වෙත රුපියල් මිලියන 94 ක් ප්‍රධානය කරනු ලැබේ.

මුල්‍ය ප්‍රධානයට අදාළ ගිවිසුම් දෙක අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ සහ MAG ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ ග්‍රේග් ස්කොබ් මහතා, DASH ආයතනයේ වැඩසටහන් කළමණාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතාත් අතර සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා පැවසුවේ බිම් බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම මගින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවා ශ්‍රී ලංකාවේ සාමය සහ සංවර්ධනයට සහාය වීමට ජපානය බලාපොරොත්තු වන බවයි.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP 7515

DNP 7525

DNP 7530

DNP 7533

DNP 7538

DNP 7543 

DNP 7548

DNP 7560

DNP 7574

DNP 7583

DNP 7585

 

 

 

 

 

 

 

 

Last modified on Friday, 13 March 2015 14:40

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us