නෙළුම් යායේ සුපිපෙන බ්ලොග් තාරකාවෝ

Published in පුවත්
Saturday, 21 March 2015 08:41

‘‘ප්‍රාග් ඓතිහාසික මානවයා වචනවත්, වචන හඬවන්නේ කෙසේදැයිවත් නොදත්තේ ය. එහෙත් ඔහුට අත් තිබිණ. අනෙකකුගේ උදව්වෙන් තොරව යමක් තේරුම් ගැනීමට ඒවා ඔහුට උපකාරී විය. හේ සිය දෑත් වැඩෙහි යෙදී ය. එහෙත් දී වැඩ කිරීමේ දී බසක් ද වුවමනා විය.


‘එය කපන්න’ කියනු වෙනුවට ප්‍රාග් ඓතිහාසිකයා සිය අතින් අවකාශය කැපී ය. ‘එය මට දෙන්න’ කියනු වෙනුවට සිය අත දික් කළේ ය. ‘මෙහි එන්න’ කියනු වෙනුවට අත තමා වෙත නමාලී ය. ඒ අතර අතට උදව්වක් සේ කටහඬ ද යොදාගත්තේ ය. විටෙක හේ බෙරිහන් දුන්නේ ය. විටෙක ගෙරවී ය. විටෙක කෑගැසී ය. මෙසේ හඬ නැංවූයේ අනෙකකුගේ අවධානය තමා කෙරේ යොමු කරවාගෙන සිය හස්තාභිනයන් වෙත මෙහෙයවාගනු පිණිස ය.’’
එම්. ඉලීන් වයි. සෙගාල්-මිනිසා යෝධයකු වූයේ කෙසේ ද? පිටුව 78, (අනුවාදය- නාරාවිල පැට්‍රික්)

වචන උච්ඡාරණය කිරීමට පෙර අභිනයෙන් අදහස් හුවමාරු කරගත් මිනිසා තවත් ටික කලක දී අදහස් හුවමාරු කරගැනීම සඳහා සිතුවම් ඇන්දේ ය. අතීතයේ විසු මිනිසුන් ඇඳි ගුහා චිත්‍රවලින් පිළිබිඹු වූයේ ද ඔවුනොවුන් සිය අදහස් හුවමාරු කරගත් අන්දම යි.

එසේ ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත්වූ මිනිසා වර්තමානය වන විට එදා සියතින් අවකාශය කපා පළ කළ අදහස අද පවසන්නේ අවකාශය ඔස්සේ වීම කෙතෙරම් දෛවෝපගතදැයි සිතේ. මේ වන විට අදහස් ප්‍රකාශ කිරීම සඳහා සයිබර් අවකාශය භාවිතා නොකරන කිසිවකු ඇතැයි සිතීම ද උගහට ය. එහි දී යම් ඒකාධිකාරියක් ඉසිලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය ද අභියෝගයට ලක්වන්නට තරම් මෙකී සයිබර් අවකාශය වර්ධනය විය.

ඕනැම මිනිසකු නිර්මාණශීලී ය. එහෙත් එකී නිර්මාණශීලිත්වය ඇගයුමට ලක්වන්නේ ඉතා කලාතුරකිනි. අනෙකා නිරන්තරයෙන් පසුපසට තල්ලු වන්නේ ය. ලෝකප්‍රසිද්ධ කෘතියක් වූ ‘‘කැරොලිනාගේ දිනපොත’’ රචනා කළේ එදා වේල සොයාගැනීම සඳහා මහමග වැටී තිබූ කඩදාසි එකතු කළ ගැහැනියකි. ඇය ලෝකය කියවූයේ ද සිය අදහස් ලියා තැබුවේ ද මේ ආකාරයට මහමග දී එකතු කළ කඩදාසි කැබලිවල ය. එදා ඇය සිය අදහස් එසේ ලියා නොතිබුවේ නම් ඇගේ නිර්මාණශීලිත්වය අකාලයේ ම වැළලී යන්නේ ය. මිනිසා සයිබර් අවකාශය ජයගැනීමත් සමග ම සිදු වූයේ මෙලෙස අකාලයේ වැළලෙන්නට සිටි නිර්මාණශීලීන් රාශියක් සිය නිර්මාණශීලිත්වය උපයෝගි කොට ගනිමින් ඔවුන් ආත්ම තෘප්තියක් ලබනාතරේ ම මිනිසාට ද යම් යහපතක් කිරීම ය.

මෙහි වඩාත් වැදගත් පාර්ශවය වන්නේ නූතන මිනිසාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඉඩකඩ ඉල්ලා කිසිවකු පසුපස නොගොස් තමාගේ ම අවකාශයක ඒ අදහස් මුදාහැරීම සඳහා ඉඩකඩ විවර වීම ය. ඒ සඳහා එකී නිර්මාණකරුවන්/කාරියන් ඉඩකඩ විවරකරගත්තේ සයිබර් අවකාශයේ ය. එයිනිඳු වඩාත් නිදහස් වූයේ Blog අඩවි ය. මෙම බ්ලොග් අඩවි හරහා මිනිසා සිය අදහස් නිදහසේ මුදාහළේ ය. එහි දී සාධනීය අදහස් මෙන් ම නිශේධනීය අදහස් ද අවකාශ ගතවිය. එය වළකාලීම කිසිවකුට නොහැකි ය. එහෙත් වඩාත් සාධනීය දෑ පරිශීලනය කිරීම ද මිනිසා විසින් ම තෝරා බේරාගත් හෙයින් එය මිනිසාගේ දියුණුව උදෙසා ම උපස්තම්භක විය.

ධනේශ්වරයේ වර්ධනයත් සමග ම ඉදිරියට ගිය තාක්ෂණය ඔස්සේ ධනේශ්වරයට ම පහරගැසීමට, එය විවේචනය කිරීමට මේ බ්ලොග්කරුවෝ පසුබට නොවුහ. එහි දී ධනේශ්වර පාලයෝ කළේ සයිබර් අවකාශය හරස් කොට බාධා කිරීම ය. එහෙත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මේ සයිබර් අවකාශයේ සැරිසරන්නෝ ද පසුබට නොවු හ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ලංකාවේ සිට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි කිහිපයක් තහනම් කරන්නට, වෙබ් අඩවි පවත්වාගෙන ගිය ගොඩනැගිලි ගිනිතබා විනාශ කරන්නට, එහි හිමිකරුවන්ට අභුත චෝදනා ඉදිරිපත්කොට ඔවුන් සිරගත කරන්නට, මරන තර්ජන එල්ලකරන්නට පවා යොමු වූයේ එහෙයිනි. එහෙත් වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වාරණය කළ නොහැකි බව වටහා ගන්නා විට පෙරහැර ගොස් හමාරය. සැබැවින් ම පසුගිය සමයේ පැවති භීෂණ පාලනය පෙරළා දමන්නට බොහෝ සෙයින් උපකාරි වූයේ මේ සයිබර් අවකාශය යි. (මෙය අනාගතයට ද මීට වඩා දියුණු ලෙස උපයෝගී කරගත හැකි බව ද අවධාරණය කරන්නෙමු)

එලෙස වෙබ් අඩවි මගින් පාලකයන් වෙත අභියෝග එල්ල වන විට තම තමන්ගේ පුද්ගලික අදහස් අවකාශ ගතකොට එයිනිඳු ජනතාව දැනුවත් කිරීමට, අදහස් හුවමාරු කරගැනීමට බ්ලොග්කරුවන්ගේ ද නිබඳ සහයක් ලැබිණ. ඔවුන්ගේ සුවිශේෂත්වය වූයේ කිසිඳු ලාභාපේක්ෂාවකින් තොරව තමන් ඇසු දුටු දෑ මිනිස් වර්ගයාගේ යහ පැවැත්මට සහ දුර් පැවැත්මට කෙතරම් බලපාන්නේ ද යන්න විවිධ මානයන් ඔස්සේ සමාජ ගතකිරීම ය. එය: කවිය, කෙටිකතාව, නවකතාව, චිත්‍රය, කොලම සහ ප්‍රවෘත්ති ආදී විවිධ මානයන්ගෙන් සමන්විත විය. මේ බ්ලොග් අඩවි හරහා විකාශය කළ ඇතැම් කවි පසු කලක දී මුද්‍රිත කෘති ලෙස නිකුත් විය. ඇතැම් කොලම් ද කෘති ලෙස නිකුත් විය. අදාළ බ්ලොග්කරුවන්/කාරියන් සිය ආත්ම තාප්තිය උදෙසා නියැළී සිටි කාර්යය ඉන් ඕබ්ට ගෙන ගොස් එය සමාජ සද්කාර්යයක් බවට පත්කළේ ය.

එහෙත් ලංකාව වැනි නොදියුණු ගෝත්‍රික අදහස්වල තවදුරටත් එල්බ සිටිනා පිරිස් අදාළ නිර්මාණකරුවන්ගේ සද්කාර්යයන් තුට්ටුවකට මායිම් නොකළේ ය. එය හුදෙක් ‘‘දිනපොතක්’’ තරම් හෝ නොවටින්නේ යැයි වහසි බස් දෙඩූහ; දැන් එ’සමය පළවා හැර ඇත. අදාළ බ්ලොග්කරුවන් ද සමාජ සද්කාර්යය වෙනුවෙන් මහඟු දායකත්වයක් සැපයු බව ලොවට හඬගා කියන්නට අවස්ථාව එලඹ ඇත. එහි කූටප්‍රාප්තිය සනිටුහන් වන්නේ ඉහත කී බ්ලොග් සම්මාන උළෙලිනි. මෙම බ්ලොග් සම්මාන උළෙලින් සයිබර් අවකාශය හරහා ලාංකීය මතු නොව සමස්ත ලෝකය පුරා විසිර සිටින සිංහල භාෂාවෙන් කියවන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ නැණ පහන් දැල්වූ බ්ලොග්කරුවෝ සහ කාරියෝ හත් දෙනකු සම්මානයට පාත්‍ර කරන්නට මේ සංවිධායකයෝ සැදී පැහැදි සිටිති.

සැබැවින් ම මෙය මාධ්‍යය කලාවේ නව ඉසව්වකි. එකී ඉසව්ව තව තවත් වර්ධනය කරගැනීම සඳහා මෙම සම්මාණ උළෙල බොහෝ සෙයින් උපකාරි වන බව නොකිව මනා ය. වසර ගණනාවක් පුරා කිසිඳු ලාභාපේක්ෂාවකින් තොරව ම සමාජය වෙත නිර්මාණශිලි යමක් ඉදිරිපත් කොට, ඉන් නොනැවතී එය දේශපාලන අවියක් ලෙස ද යොදාගත් මේ නිර්මාණකරුවන් සහ කාරියන් වෙත lankadaily.com වෙබ් අඩවියේ අපි ද ඉත සිතින් සුභ පතන්නෙමු; ආශිර්වාද කරන්නෙමු. එමෙන් ම මෙම සද්කාර්යය සදහා පූර්ණදායකත්වය සපයන ‘‘නෙළුම්යාය සහෘද සමූහය’’ වෙත ද අපේ සුභාශිංසනය පිරිනමන්නෙමු!

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Nelum-Yaya-2

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us