මහින්ද,බිලියන් 28 න් කළේ මොනවද කියා ඔප්පු කර පෙන්විය යුතුයි - හර්ෂ

Published in පුවත්
Tuesday, 02 June 2015 07:16

මහා මාර්ග 28ක් සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය සමයේ මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් බිලියන 55ක ණය මුදලින් රුපියල් බිලියන 28ක් වෙනත් කාර්යයකට වැය නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය ඔප්පුකර පෙන්විය යුතු බව ප්‍රතිපත්ති සැලසුම් රාජය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එසේම එම මුදල් වැය කළේ කුමන කාර්යයන් සඳහා දැයි හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් බිලියන 55න් බිලියන 28ක් වෙනත් කාර්යයකට යොදා ඇති බවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කරුණු මත පදනම්ව බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකදීය.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

රුපියල් බිලියන 55ක ණය මුදල ලබා දී ඇත්තේ කුමන මහාමාර්ග ඉදිකිරීම වෙනුවෙන්දැයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැයිස්තුවක් එවා ඇති බවද, එම මාර්ග නඩත්තුව සඳහා මෙම මුදල් සම්පූර්ණයෙන් යොදවා නොමැති බව දන්වා ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය බැංකු වෙතින් ලබා ගන්නා ණය මුදල් වැය කළ යුත්තේ රජයේ පිළිගත් මුදල් රෙගුලාසිවලට අනුකූලව බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා, මෙහිදී එම රෙගුලාසි අනුගමනය කර නොතිබීම සම්බන්ධයෙන් මෙන්ම අදාළ මුදල් වැය කළේ කුමන කාර්යයන් සඳහාදැයි පරීක්ෂා කර බැලිය යුතු බවද ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර අනුගමනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මහාමාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 55ක් ලබා ගත් බව සත්‍ය වුවත් අගමැතිවරයා ප්‍රකාශ කරන බිලියන 28ක මුදල එහි කොටසක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. මේ මුදල කෙටි කාලීන ණයක් බවත් පවසා තිබෙනවා. එසේ නම් එම මුදල් වැය කළේ කුමන කාර්යයන් සඳහා දැයි ඔහු අනාවරණය කළ යුතුයි. තමන්ට ඕනෑ ඕනෑ අන්දමට රජයේ මුදල් වැය කිරීමට කාටවත් බැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විවාදයක් පැවැත්වීමට තමා සූදානම් බව ප්‍රතිපත්ති සැලසුම් රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ගුණවර්ධන මහතා තමාට කර තිබෙන අභියෝගය සතුටින් බාර ගන්නා බවත්, එම විවාදය මඩ ගැසීමෙන් තොරව ආර්ථිකයේ යථා තත්ත්වය පිළිබඳ පැවැත්වෙන තාක්ෂණික විවාදයක් විය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

එදාට වඩා ඉක්මනින් අද ජනතාව වෙත තොරතුරු ගලා යන බව කී ඇමැතිවරයා එවැනි යුගයක මෙවැනි විවාද පැවැත්වීම සිදුවිය යුතු ම දෙයක් යැයිද කීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි මාධ්‍ය මඟින් අභියෝග කළ බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට තමන් උත්සාහ කළත් ඔහු කොහේ සිටින්නේදැයි සොයා ගැනීමට නොහැකි වූ බවද, එහෙත් තමන් දෙදෙනාට ම විවේකය ඇති මොහොතක එම විවාදය පැවැත්විය හැකි බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

 

dinamina

සැබැඳි පුවත්:

බන්දුල සමග විවාදයට හර්ෂ සූදානම්

බිලියන් 28න් කෙළේ මොක්කද? රනිල් - ඒක 55න් කොටසක් නෙවෙයි - මහින්ද 

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us