මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් හෙළි කළ වෛද්‍ය නිලංගට මරණ තර්ජන

Published in පුවත්
Monday, 20 July 2015 11:39

 මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන දේශපාලකයන්ගේ ලැයිස්තුවක් අවශ්‍ය නම් නාමයෝජනා කැඳවන්නට පෙර ලබාදෙන බවට ප‍්‍රසිද්ධ කළ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වන බව වාර්තාවේ.

ඔහුගේ ලැයිස්තුව අනුව එජනිස හා එජාපයේ අපේක්ෂකයන් ගණනාවකට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූයේය. එජාපය සිය ලැයිස්තු සකස් කිරීමේදී එම නම් ඉවත් කළ බව පසුගියදා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පවසා තිබුණි.එජනිසය ඇතැම් මන්ත‍්‍රීවරුන් කපා හැරීමට ඔවුන් කටයුතු කර තිබුණි.ඒ අනුව බොහෝ අයෙකුට වෛද්‍ය නිලංගගේ හෙළිදරව්ව ප‍්‍රයෝජනයක් වූයේය.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ගේ රාගම නිවසට අවස්ථා දෙකකදී යතුරුපැදියකින් පැමිණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහු රාගම පොලිසියට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ තත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස ඔහු පොලිස්පතිවරයාගෙන් හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් ඊයේ (19 ) වනතෙක් ආරක්ෂාවක් ලැබී නැත.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව කටයුතු කරණ ආයතනයක සභාපතිවරයාට මෙවන්වූ තර්ජනයක් එල්ලවීමේදී ඔහුට ආරක්ෂාව සැපයීමට නොහැකි නම් මත්දව්‍ය වලින් තොර රටක් උදෙසා පියවර ගන්නේ කෙසේද යන්න ගැටලුවක්වේ. මැතිවරණය හමුවේ වෛද්‍ය නිලංග සිදු කළ මෙම හෙළිදරව්ව බොහෝ දේශපාලකයන්ට එල්ලකළ මරු පහරක් වූයේය.ඒ පහරින් සිත් රිදවා ගත් දේශපාලකයන් දැන් වියරුවැටී වෛද්‍ය නිලංග පසුපස හබායාමට ඉඩ දී බලා සිටිය හැකිනම් එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අණසකට යටත් වීමකි.ඒ නිසා ඉක්මනින්ම පරක්ෂණ පවත්වා තර්ජනය කළ පුද්ගලයින් සොයා ගත යුතුය.ඒ සදහා ඔවුන්ව පෙළඹවූ ලොකු අතු පාත් කර ගත යුතුය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලය පැවැත්වූ යුගය කෙසේ හො හමාර කර ගත යුතුය.මේ රට ඔවුන්ගේ අණසකට යටත් කර ගැනීමට ඉඩනොදිය යුතුය.නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරත වනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහි ව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා පසුගිය දිනක පැවසුවේය.එය එසේම සිදුවන තෙක් අප බලා සිටිමු.

කෙසේ වෙතත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය, එතනෝල්, මත්ද්‍රව්‍ය හෝ ඊට අදාළ වෙනත් විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධදැයි පරීක්ෂා කොට අදාළ නිර්දේශ පක්ෂ නායකයන්ට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමේ වැඩපිළවෙල ඇගයීමට ලක්කළෙමු.දැන් ඒ වැඩපිළිවෙල නිසා ඔහුට තර්ජන එල්ල වෙදීදී ඔහු වෙනුවෙන් ආරක්ෂාව අවැසි බව මතක් කර දීමට සිදුවීම කණගාටුදායක තත්වයකි.

සබැදි පුවත්

අපේක්ෂකයන්ට කුඩු - එතනෝල් පරීක්ෂණයක්!

අද අපේ සිහිනය හෙට රටේ නීතිය

 

Last modified on Monday, 20 July 2015 11:50

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us