ශ්‍රී ලාංකීක අයි එස් ත්‍රස්තයා ඡන්ද ගුණ්ඩුවක් ලෙස... Featured

Published in පුවත්
Monday, 20 July 2015 12:37

සිරියාවේ අයි එස් ත්‍රස්තවාදීන් හා එක්ව සිටි ශ්‍රී ලාංකිකයකු ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඊයේ (19) වෙබ්පුවත් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන සිලෝන්ටුඩේ වෙබ් අඩවියෙන් එම පුවත වාර්තා කර තිබුණු අතර රාත්‍රියේ ලංකාදීප වෙබ් අඩවිය ද එය වාර්තා කලේ ය. පුවතට අදාල තොරතුරු මූලාශ්‍ර ලෙස මියගිය පුද්ගලයාගේ මස්සිනා යැයි සඳහන් අයෙක් තැබූ ෆේස්බුක් සටහනක් ගැන සඳහන්ව තිබුණි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්වවිද්‍යාලයෙහි එල් එල් බී උපාධිධරයෙකු ලෙස ද විවාහක හය දරු පියෙකු ලෙස ද මියගිය පුද්ගලයා පිළිබඳව සටහන් ව තිබූ අතර විශේෂයක් ලෙස ඔහු කරාටේ කලු පටි ධාරියෙකු ලෙසද සඳහන් කර තිබුණි.

මින්පෙර අයි එස් සංවිධානය හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරක් මාධ්‍ය වාර්තා මගින් ප්‍රසිද්ධව තිබුණේ නැත. එමෙන්ම ඊ‍යේ දිනයේ අප සොයා බලන විට වෙනත් කිසිදු පිළිගත හැකි තොරතුරු මූලාශ්‍රයක් හෝ ප්‍රවෘත්ති ඒජන්සියක් මේ පිළිබඳ වාර්තා කර තිබුනේ ද නැත.

ඒ අතර ම ඊයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අතර තුර ප්‍රේක්ෂාගාරයේ ඇතිවූ ගැටුමක් දුර දිග යාම හේතුවෙන් තරඟය අතරමඟ නැවතීමට සිදුවිය. ගැටුමෙන් ක්‍රීඩාපිටිය වෙතද ගල් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වූ අතර පිටියෙන් පිටතට ඇවිළුණු ගැටුමෙන් වාහන කිහිපයක් ද ගිනිබත් වුණු බව වාර්තා විය. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයන්හිදී ජයපරාජය දරාගැනීම සම්බන්ධයෙන් බරපතළ සිදුවීම් එතෙක් වාර්තා නොකළ ශ්‍රී ලංකාව මේ සිදුවීමත් සමඟ මහත් අපකීර්තියක් අත්කරගත් අතර ගැටුම සිංහල - මුස්ලිම් වර්ගවාදී ස්වරූපයෙන් වර්ධනය වුවහොත් එය ඉතාම ඛේදජනක ප්‍රතිඵල අත්කරදෙනු නියතය.

 

ඉහත සිදුවීම් දෙක අතර සම්බන්ධතාවක් ඇතැයි සෘජුව සැක පහළ කිරීමට හේතූන් නැතත් සිංහල - මුස්ලිම් ගැටුමක් අවුළුවා එමඟින් දේශපාලන වාසි ලැබිය හැකි පාර්ශ්වයන් මේ මොහොතේ සිටින බව මඟ හැරිය නොහැකි සත්‍යයකි. මින් සිංහල සහ මුස්ලිම් අන්තවාදී දේශපාලන සංවිධාන දෙපිරිසම වාසි ලබනු ඇත, එක් ජාතිවාදයක වර්ධනය එහි ප්‍රතිවිරුද්ධ ජාතිවාදයෙහි වර්ධනයට උත්ප්‍රේරකයක් වන නිසා දෙපිරිසම තම තම ජාතියෙහි අනුගාමී පිරිස් අතර බලවත් වනු ඇත.

සංඛ්‍යාත්මක වශයෙන් බහුතර ජාතියෙහි වර්ගවාදී කොටස සාපේක්ෂව වැඩි වාසියක් අත්කර ගනු ඇත. විශේෂයෙන් මහමැතිවරණයක් කැඳවා ඇති මෙන්ම ගියවර ජනපතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයා යළි මෙම මැතිවරණයට විපක්ෂයෙහි ප්‍රධානතම අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව ඇති මොහොතක මැතිවරණ වාසි වෙනුවෙන් මෙවන් සිදුවීම් භාවිතා වීම නොවැලැක්විය හැක්කකි. ඒ, මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රසිද්ධියේ බොදුබල සේනාවට කුමන්ත්‍රණයකැයි දොස් පැවරුවද ඔහුගේ මුළු මැතිවරණ ව්‍යාපාරයෙහිම මූලික පදනම සිංහල මහජාතිවාදයට ඇමතීම බව ඔහු පළමු රැළියෙන්ම පසක් කළ නිසාය. මුස්ලිම් විරෝධයක් ඇවිළීම සිංහල ජාතිවාදී පාර්ශ්වයෙහි සැකය හා බිය වඩවා ඔවුන් වෙත ගැළවුම්කරුවෙකු ලෙස පෙනී සිටීමට සැලසීමේ ඉඩ ඔහුවෙත විවර කරනු ඇත.

 

අපි ජාතිවාදී වියරුවකින් දීර්ඝ කාලයක් පීඩා වින්දෙමු. නැවත එවැන්නක් කිසිවකුට වුවමනා නැත. පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙවන් සිදුවීම් ඇතිකරන්නන් හෝ භාවිතා කරන්නන් පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර ඔවුන් දේශපාලන භූමියෙන් පිටුදැකීමටද පියවර ගත යුතුය. මෙකී සිදුවීම් කෙරෙහි මෙම සැක මුසු කරුණු පෙළගැස්ම අප ප්‍රශ්න කර සිටින්නේ සාමකාමී රටක අනාගතය වෙනුවෙනි.

සුනිත් අරුණශාන්ත

Last modified on Monday, 20 July 2015 13:13

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us