තාජුදීන් වෙනුවෙන් සාධාරණය ඉ‍ටුකරන්න - සොහොයුරා

Published in පුවත්
Sunday, 09 August 2015 15:37

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුදීගේ සොහොයුරු එම් ඒ තාජුදීන් මහතා සමඟ කල සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි.


මෙම සිදුවීම‍ට දැන් වසර 3ක් ගතවෙලා. ඔහුගේ පවුල විදිහ‍ට ඔබ මෙයට මුහුණදුන් ආකාරය?

වසීම් තවදුරටත් අප අතර නැති බවත් ඔහු සදහටම අපෙන් වෙන්වී ගොස් ඇති බවත් සිතන විටත් අපට එය සිහිනයක් වාගෙයි. ඔහු අපෙන් වෙන්ව ගොස් දැන් වසර 3ක් ගතවී ඇතත් තවමත් ඔහුගේ වියෝව පෑරුණු තුවාලයක් මෙන් අප වේදනාවට පත් කරනවා. වසීම් වගේ තවත් කෙනෙක් අපට නෑ. දැන් සිදුවෙමින් පවතින දේවලුත් සමග අපේ වේදනාව දිනෙන් දින තවත් වැඩි වෙනවා.

ඔහුගේ පවුලේ අයට ඔහුගේ අඩුව විවිධාකාරයෙන් දැනෙනවා. මගේ දෙමව්පියෝ ඉස්සර හිටි අය නෙමේ. ඉස්ලාම් දහම නිසා ඔවුන්ට තමන්ගේ දුක දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලැබී තිබෙනවා.

දුක ටිකකට හෝ අමතක කිරීමට අප නිතරම කාර්යබහුලව සිටීමට උත්සාහ කරනවා. ඔහුගේ වියෝව නිසා දැන් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.

පසුගිය මාස කිහිපය තුල මෙම සිදුවීම දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් කථාබහට ලක්වුණා. ඒ ගැන ඔබේ අදහස?

වසීම්ගේ මරණය සිදු වූ දා සිට එය සමාජයේ කථාබහට ලක්වුනු අතර පසුගිය මැතිවරණ සමයේ පටන් එය දේශපාලන විවාදයක් බවට ද පත්ව තිබෙනවා.

අප හැමෝම දන්නා විදියට ඔහුගේ මරණය නොවිසඳුනු අභිරහසක්. ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණය නිසි පරිදි අවසන් නොවූ අතර එම සිදුවීම පිළිබඳ මතකය දැන් සමාජයෙන් ගිලිහී යමින් තිබෙනවා.

එම නිසා මෙම නඩුව උසාවියේ නැවත විභාග කිරීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කල නායකයන් හා ජනතාව මා බෙහෙවින් අගය කරනවා.මෙම සිදුවීම තවදුරටත් ප්‍රෙහේලිකාවක් නැතහොත් සමාජයේ කතාබහට ලක්වෙන කාරණාවක් පමණක් නොවිය යුතු අතර එය අධිකරණය විසින් අවසාන වශයෙන් ලබාදෙන කුමන හෝ තීන්දුවක් මගින් කෙලවර වියයුතු බව අප තරයේ විශ්වාස කරනවා.

වසීම් අපෙන් වියෝ වූ බවට සිත හදාගැනීමට හැකි වන්නේ එවිට පමණයි. විවිධාකාරයේ පුවත් වලට කන්දෙමින් දිගින් දිගටම මෙලෙසින් පීඩාවට පත්වීම එවිට අවසන් වනු ඇත. දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන වාසි තකා මෙම සිද්ධිය යොදාගැනීම තුලින් ඔහුට හෝ ඔහුගේ පවුලේ අය වන අපට කිසිදු සෙතක් අත්නොවන බව මවිසින් මෙහිලා සිහි කිරීමට කැමැතියි. එබැවින් වසීම්ව දේශපාලන තුරුම්පුවක් බවට පත් කර නොගන්නා ලෙස මා ඉතා කණගාටුවෙන් යුතුව ඉල්ලා සිටිනවා.

මෙම තත්වය ඔහුගේ පවුල වශයෙන් ඔබලාට බලපාන්නේ කෙසේද?

මම කලින් පැවසූ පරිදි, වසීම්ගේ හදිසි මරණයෙන් අප දැඩි සේ කම්පාවට පත්ව සිටින අතර එම සිද්ධිය දේශපාලන වේදිකාවේ විවාදයට ලක්වීමෙන් හෝ මාධ්‍ය වලින් කථාබහට ලක් විමෙන් සිදුවන්නේ අපේ දුක වැඩිවීම පමණයි. එනිසා අප ඉල්ලා සිටින්නේ ඔහුගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි.

ඔහු සම්බන්ධයෙන් මෙම ලිපිය කියවන අය සමඟ බෙදාගැනීමට කැමති තොරතුරු මොනවාද?

වසීම් කියන්නේ ජීවයෙන් පිරුණුචරිතයක්. ඔහුගේ වයසේ තරුණයෙක් සතු විය යුතු සියලු හැකියාවන් ඔහුට තිබුණා. ඔහු ඉතාම නිහතමානී පුද්ගලයෙක්.

ඔහු සැබෑ දෙශප්‍රේමියෙක්. ඔහු මේ රටට දැඩි ලෙස ආදරය කලා. ඔහු කිසිවිටකත් අසාධාරණය ඉවසුවේ නෑ. සැමවිටම සමානාත්මතාවය අගය කලා.

අපගේ සිනාවත්, ජීවිතයත් ඔහුයි. ඔහුගේ වියෝව කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් අපේ ජීවිත තුලඇතිකරලා හමාරයි.

ඔබ හිතනවාද බලධාරීන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් තියෙනවායි කියා?

බලධාරින් යනුවෙන් ඔබ හදුන්වන්නේ සී.අයි.ඩී. ය නම්, ඔවුන් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ පවුල විදිහට අපි විශ්වාස කරනවා සත්‍යය ලඟදීම හෙලිවී සාධාරණය ඉෂ්ඨ වෙයි කියා. වසර 3කට පෙර සිදුවූ සිද්ධියක් අධිකරණයේදී ක්ෂණිකව විසදා අවසන් කිරීම අපහසු බව මා පිලිගන්නවා.

තාජුදීන් අනුස්මරණ රග්බි තරඟාවලිය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි. ඒ ගැන වැඩිදුර විස්තර?

‘වසීම් තාජුදීන් අනුස්මරණ කුසලානය’ අගෝස්තු 8 වන දින දෙවන වරටත් පැවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කිරීම වෙනුවෙන් එහි සංවිධායක කමිටුවට මෙන්ම වසීම්ගේ හිතමිතුරන්ට මාගේ අවංක ස්තූතිය මේ අවස්ථාවේ දී ඵලකිරීමට කැමතියි.

මෙම සිද්ධිය හා ඒ හා බැඳුනු විවිධ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන් ඔබ ඉල්ලා සිටින්නේ කුමක්ද?

මාගේ කාරුණික ඉල්ලීම මගේ සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි.

මාගේ ඉල්ලීම වන්නේ සාධාරණය ඉෂ්ඨ වීමට නම් මෙම සිදුවීම තවදුරටත් නොවිසදුනු ප්‍රෙහේලිකාවක්, විවාදයට තුඩු දුන් කථා පුවතක් හෝ රට පුරා කථා බහට ලක්වෙන මාතෘකාවක් පමණක් නොවීමෙම නඩුව විසඳා අවසන් කල යුතු බවයි.

එම නිසා මෙම නඩුව නැවත විභාග කිරීමට අවශ්‍ය කටයුතු කල නායකයන්ට හා ජනතාවට මාගේ ස්තූතිය ඵලකරන අතරම ඔහුගේ මරණය දේශපාලන කථිකාකවතක් කර නොගන්නා ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

තාජුදීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හදුන්වා ඇති තත්වයක් තුල ඔබ විසින් අපේක්ෂා කරන්නේ කවරාකාරයේ සාධාරණයක්ද?

මෙම නඩුව තවමත් විභාග කොට අවසන් වී නොමැති නිසා මා කියා සිටින්නේ තාජුදීන්ගේ මරණය ඝාතනයක් නම් ඊට වරදකරු නීතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් ලබා දිය යුතු බවයි. මාගේවිශ්වාසය පරිදි නීතිය ඉදිරියේ සෑම පුරවැසියකුම සමාන විය යුතුයි.

අවසන් වශයෙන් මා පතන්නේ මෙවන් දුකක් තවත් මවකට හෝ පවුලකට කිසිදා අත් නොවේවා කියායි. එසේම කිසිදු අයෙක් මෙවන් අවාසනාවන්ත මරණයකට ලක් නොවේවා කියාත් මා ප්‍රාර්ථනා කරනවා.

ඔබ වචන 3කින් වසීම් හඳුන්වන්නේ කෙසේද?


වචන වලින් කිවනොහැකියි

-life.lk

Last modified on Sunday, 09 August 2015 15:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us