මංගල, යුධ අපරාධ විමර්ශන දේශීය යාන්ත්‍රණය ගැන,ඇමරිකාවට උත්තර දෙයි

Published in පුවත්
Tuesday, 25 August 2015 15:01

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා පැවැත්වීමට යන දේශීය පරීක්ෂණයේ යන්ත්‍රණය පිළිබඳව රජය විසින් එක්සත් ජනපදය දැනුවත් කරනු ලැබ තිබේ.

මෙය සිදු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමු වූ අවස්ථාවේදී යි.

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සිදු වන්නේ, ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ඉදිරි දින කිහිපයේ දී එළිදක්වන බවට වාර්තා පළ වෙද්දී.

ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම සදහා මෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍ය යළි ඇති කර යහපාලනය ඇති කිරීමට නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද මෙහිදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දැනුවත් කළ බවයි විදේශ අමාත්‍යවරයා පැවසුවේ.

මෙහිදී අදහස් දැක්වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් පැවසුවේ ශ්‍රී ලංකාවේ රජය ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ඇති කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළට ඇමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බවට සහතික කිරීම තම මෙම සංචාරයේ අරමුණ බවයි.

ඩොලර් මිලියනයක ප්‍රතිපාදන

සාම්පූර්හි නැවත පදිංචි කිරීම හා එහි අධ්‍යාපන නගා සිටුවීම සදහා ඩොලර් මිලියනයක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය.

දේශීය පරීක්ෂණයක් හරහා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දී තිබුණි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි දිවයිනට පැමිණියේ අද (25) උදෑසනයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහද හමුවීමට නියමිතයි. - bbc

 

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හමුවීමෙන් පසු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශය - 25/08/2015

සුභ උදැසනක් නෝනාවරුනි මහත්වරුනි,

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා සමග ආරම්භ වූ සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර නිමා කරන ලදී. ඒවගේම ඇමරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකානු තානාපති ලෙස වැඩ භාර ගත් අතුල් කෙශාප් මහතාත් මා විසින් පිළිගන්නා ලදී.

ජනාධිපති සිරිසේන මහතා මැතිවරණයෙන් තේරී පත්වීම හා මා විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත්වීම් ලැබීමත් සමග ජනවාරි මාසයේ ආරම්භ කල සංවාද එලෙසෙම මෙහිදී ක්‍රියාත්මක කරන ලදී.

අපගේ පෙර රැස්වීම් අතරතුර දී හා මාගේ වොෂින්ටන් සංචාරයෙන් අනුතුරුව බහු මුහුනුවරකින් සමන්විත ද්වී පාර්ශ්වික සම්බන්ධතා නැවත ගොඩ ගැනීමට අපි එකඟ වුහ.

දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර කිහිපයක් ලේකම් කෙරීගේ සාර්ථක මාර්තු සංචාරයේදී හදුනා ගන්නා ලදී. අද දින පැවති සාකච්ඡා එහි පසු විපරමක් වන අතර මෙමගින් වඩාත් සමීප හා ප්‍රත්‍යක්ෂ සම්බන්ධතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් රජයේ සමස්ත අරමුණු වූ යහපාලනය, මානව හිමිකම් වලට ගරු කරන හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ හා නීතියේ පාලනය ශක්තිමත් කිරීම සදහා ගනු ලබන පියවර ගැනද සාකච්ඡා කරන ලදී.

අප රට වඩාත් නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පසු දේශපාලන වශයෙන් ස්ථාවර වී ඇත. එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වූ නිශ්චිත පොරොන්දුවකට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළු නිරාකරණය කිරීම සදහා ගනු ලැබූ ස්වාධීන දේශීය යාන්ත්‍රණය පිලිබදවත් දැනුවත් කරන ලදී.

දෙරටේ සමීප ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දීමට තීරණය කළෙමු. ශ්‍රී ලංකාවේ විශාලම තනි අපනයන වෙළදපොල වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. අපගේ මුළු අපනයන ප්‍රමාණයෙන් 23% ඇතුල් වන්නේ ඇමරිකානු වෙළදපොලට වේ. එනිසා අපගේ වෙළද හා ව්‍යාපාරික සබදතා වැඩි දියුණු කිරීමටත් ඇමරිකානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ ඇති නව ආර්ථික අවස්ථා වලින් වාසි ලබා ගැනීමටත් අවකාශ සැලසිය යුතුය.

ඉදිරියටත් මෙවැනි ඉහල පෙළේ හමුවීම් තුලින් ශ්‍රී ලංකා ඇමරිකානු සබදතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙමු.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද සාකච්ඡා කිරීමට නියමිතය.

තවද මා සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ප්‍රමුඛ දුත මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සුහද හා ප්‍රසන්න සංචාරයක් ගත කිරීමට හැකි වන ලෙස සුභපතා සිටිමි.


විදේශ කටයුතු අමාත්‍යංශය
25/08/2015

Last modified on Tuesday, 25 August 2015 15:50

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us