සාලාව පිපුරුම තාම අභිරහසක්, වේයන්ගොඩ උණ්ඩ ගබඩාව අඹේපුස්සට Featured

Published in පුවත්
Saturday, 02 July 2016 09:05

වේයන්ගොඩ ශ්‍රි ලංකා යුධ හමුදා කඳවුරේ පවත්වාගෙන යන උණ්ඩ ගබඩාව එතැනින් ඉවත් කර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු හමුදා කඳවුරෙහි පිහි‍ටුවීමට තීරණය කර තිබේ. අඹේපුස්ස කඳවුරේ පැවතින පැරණි ගොඩනැගිලි කිහිපයක් මෙවෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මේවන විට එම ගොඩනැගිලි වටා පස් කදු ආවරණයක් සැකසීම සිදුවෙමින් තිබේ. වැලිසර නාවික හමුද කඳවුරේ පවතින උණ්ඩ ගබඩාව ද අ‍ඹේපුස්ස කඳවුරට ගෙන යාමද ඉදිරියේදි සිදුවනු ඇති බවත් පැවසේන අතර මේවන විට එම ගබඩාව සහා වේයන්ගොඩ ගබඩාව වටාද පස් කඳු ආවරණ සකස් කරමින් ඇත.

කෙසේ නමුත් උණ්ඩ ගබඩ කිරීමේදී පස් කඳු ආවරනයක් සැකසීම විය යුතු නමුත් භූගත දැඩි කොන්ක්‍රීට් ගබඩා පවත්වාගෙන යෑම ජාත්‍යන්තරව පිලිගත් වඩා ආරක්ෂාකාරි පියවර වේ. පස් කඳු මඟින් අපෙක්ෂා කළ හැක්කේ අනාරක්ෂිත බව සියයට පනහකින් පමණ අඩු වීමකි. එසේම මෙම කඳවුරේ ගබඩා වේයන්ගොඩ හා වැලිසර ගබඩාවල පවතින උණ්ඩ සියල්ල තැන්පත් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවද දැන ගැනීමට ඇත.

අඹේපුස්ස කඳවුර ජනාකීර්ණ නාගරික ප්‍රදෙශයක නොපිහිටියත් එම කදවුර වටාද විශාල නිවාස සංඛ්‍යවක් පිහිටා ඇත. කොස්ගම සාලව කඳවුරේ පිපිරීම නිසා ඇතිවු විනාශය සලකා බැලීමේදී අඹෙපුස්ස ජනතාවද අනාරක්ෂිත බව පැහැදිලිය.

සලාව කඳවුරෙ පිපිරීමට හෙතුව තව දුරටත් අභිරහසක්ව පවතින බව යුධ හමුදා අරංචි මාර්ග පෙන්වා දෙයි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුදා බුද්ධි අංශය, යුධ හමුදා පොලීසිය හා යුධ හමුදා පතිවරයා විසින් පත් කළ මූලික පරීක්ෂණ උසාවිය මඟින් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ හතරක් සිදුවන නමුත් මෙම පිපිරීමට හෙතුව මේවන විටත් නිගමනය කර නොමැත.

එහෙත් මේවන විට අනාවරණය වී ඇති කරුණු අනුව වසර විස්සකටත් වඩා පැ‍රැණි උණ්ඩ ගබඩා කර තබා ගැනිම අවධානම්කාරී බව මෙම පරීක්ෂණ කණ්ඩායම් හී නිරීක්ෂණයට හසු වී ඇත. එම උණ්ඩ වෙනත් රටකට විකුනා දැමීම හෝ විනාශ කිරීම හෝ සිදු කළ යුතුව තිබුණද පසුගිය කාලයෙහි ඒ සම්බන්ධයෙන් පියවරයන් ගෙන නොමැත. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයෙන් අල්ලා ගත් උණ්ඩ විශාල ප්‍රමාණයක්ද මේ ගබඩාව තුල තිබී ඇත. එම උණ්ඩවල තත්වය ගැන කිසිදු නිරීක්ෂණයද තිබී නොමැත. මේවන විටත් වේයන්ගොඩ ගබඩාවේ වසර 20 කට වඩා පැරණි උණ්ඩ තොගයක් පවතී.

කෙසේ නමුත් මෙම උණ්ඩ ගබඩාව නොසැලකිලිමත් කම නිසා හෝ පුපුරා ගියද ඒ සැලකෙන්නේ බරපතල අපරධයක් සිදු කළාය යන නෛතික චෝදනාවටය.ඒ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ඉදිරියේදී ගැනීමට සිදුවනු ඇත.

..................

Last modified on Saturday, 02 July 2016 09:26

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us