FCID යෙන් මෙගා ඩීල් ව්‍යාපාරිකයන් ගැලවෙන්නෙ කොහොමද? ආණ්ඩුවට ප්‍රශ්නයක්

Published in පුවත්
Monday, 22 August 2016 17:34

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිදුකරන විමර්ශන වලදී කෝටිපති ව්‍යාපාරිකයින් සම්බන්ධව කටයුතු කර ඇති ආකාරය පිළිබඳ විශේෂ සොයාබැලීමක් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ආණ්ඩුවේ විශ්වාස වන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයින් පිළිබඳ විමර්ශනය කරන අවස්ථා වලදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉතා ලිහිල් පිළිවෙතක සිට කටයුතු කර ඇති බවට දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්ය.

රාජපක්ෂ සමයේ සිදුවූ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිදුකරන විමර්ශන වලදී බොහෝ පාර්ශ්ව කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට මුල්‍ය අපරාධ කොට්ඨාශය කටයුතු කළත් ඒ තුළ නම් කියැවෙන කෝටිපති ව්‍යාපාරිකයින් චූදිතයන් නොවී, ගැලවීයාම පසුගිය කාලයෙහි දක්නට ලැබිණි. එමෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන් ගෙන් කිසිඳු ප්‍රකාශයක් ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදු නොවන බවත් අවම වශයෙන් චෝදනා ගොනුකිරීමක් වත් සිදු නොවන බව ද කියැවේ. 

ඊට ආසන්නතම සිදුවීම ලෙස අපට වාර්තා වන්නේ රට තුළ පසුගිය දින වල මහත් ආලෝන්දනයක් ඇතිකළ යෝෂිත රාජපක්ෂගේ රුපියල් මිලියන 157.5 මුදල රාජසන්තක කළ සිදුවීම පදනම් කර ගනිමින් මුල්‍ය අපරාද කොට්ඨාශය කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති B වාර්තාවය.

එහිදී මුල්‍ය අපරාධ කොට්ඨාශය ඇම්ට්‍රෑඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගෙන් රුපියල් මිලියන 157.5 පිළිබඳ ප්‍රශ්න කර ඇතත් ඊට මැදිහත්වූ නිමල් පෙරේරා ගැන කිසිඳු ප්‍රශ්න කිරීමක් සිදු කර නොමැති බව පෙන්වාදී ඇත. එසේම ක්‍රිෂ් ගනුදෙනුවේ සිට නිමල් පෙරේරා රාජපක්ෂ රෙජීමයේ අයතා මුල්‍ය ඉපයීම් වෙත සෘජුවම දායකත්වය සපයා ඇතත් කිසිඳු අවස්තාවකදී ඔහුව අත්අඩංගුවට ගැනීමට තබා ප්‍රශ්න කිරීමක් වත් සිදුව නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ සම්බන්ධව අප කළ විමසුමකදී ආණ්ඩුවේ ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටවූ අවස්ථාවේ පටන් තමන්ට ඒ පිළිබඳ විවිධ පැමිණිලි ලැබී ඇති බවත් නමුත් මේ වන විට ලැබෙමින් ඇති පැමිණිලි සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට අවධානය යොමුව ඇති බවය. එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාෂයට නිරන්තරයෙන් බලපෑම් කරමින් කටයුතු කරන ඇමැතිවරුන් කිහිප දෙනෙකු ගැන ද තොරතුරු හෙලිව තිබේ.  රාජපක්ෂ සමයේදි එම පවුලේ සාමාජිකයන් සමඟ කළු සල්ලි සුදු කිරීම හා තවත් ජාවාරම් ගනනාවකට ව්‍යාපාරිකයන් ‍රැසක් සම්බන්ධව සිටියහ. එහෙත් අද ඇතැමෙක් රජයේ සාක්ෂිකරුවන් වීමේ මුවාවෙන් සහ ආණ්ඩුවේ ඇතැම් බලවතුන් සමඟ ගොඩනඟාගෙන තිබෙන අලුත් සම්බන්ධතා හේතුවෙන් ඉන් ගැලවී සිටි. එමෙන්ම පොලීසියේ ඉහල නිළධාරින්ට කප්පම් දීම සිදුව තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ගම තහවුරු කරයි.

මේ අතර යම් ආකාරයකින් දැනුවත්ව රාජපක්ෂ සමයේ මුල්‍ය අක්‍රමිකතා වෙනුවෙන් වගකිවයුතු පාර්ශ්ව නිදහස් කිරීමට මුල්‍ය අපරාධ කොට්ඨාශය ක්‍රියා කර ඇත්නම් ඔවුන්ට ඒ සම්බන්ධව කිසිඳු නිදහසක් නොලැබෙන බව පසුගියදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මෙරට ජනතාවට පොරොන්දු විය. එසේම යහපාලනය යටතේ දුෂණ වලට සම්බන්ධවන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය.

සැබැඳි පුවත් :තැන්පත්කරුවන් මුදල් ගැනීම නිසා Pan Asia සහ LOLC මූල්‍ය අර්බුදයක 

FCIDයේ පට්ට ඩීල් කාරයෙක්. රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා පුස් වෙන ලකුණු.

Last modified on Monday, 22 August 2016 17:44

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us