සුජානිට මලික්ගෙන් ‍රැකවරණය

Published in පුවත්
Tuesday, 23 August 2016 17:55

සිය නිල බලය අයුතු ලෙස යොදවා රුපියල් මිලියන සිය ගනනක්‌ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් නාමල් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකාරියක වන සුජානි නමැත්තියට අවශ්‍ය ‍රැකවරණය ලබා දීමට මලික් ඉදිරිපත්ව ඇතැයි දැන ගැනිමට ඇත. මේ කුණු කතාවකි. නමුත් ඇත්තය. කාගෙවත් පෞද්ගලික ජීවිත වල සම්බන්ධකම් අපිට වැඩක් නැත. එහෙත් මේ කතාව ගැට ගැහෙන්නේ මේ රටම කුණු කරපු වුන්ගේ ජීවිත කතන්දර ගෙවෙන හැටි රට දැන ගැනීම විය යුතු බැවිනි. නම් ගම් වල අඩුපාඩු පාඨකයා විසින් සපුරා ගන්නෙ නම් මැනවි.

පසුගියදා රුපියල් මිලියන සිය ගනනක්‌ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට පොලිසිය විසින් දැනුම් දුන් නමුත් සුජානි නම් සැකකාරිය එලෙස පෙනී සිටීම මඟහැරීම සඳහා මුලින් කොළඹ පෞද්ගලික රෝහලකට ද පසුව ජාතික රෝහලට ද ඇතුළත් වී සිටියාය. මෙම මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ සුජානි ව අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබේ.‍

ඇයට මලික් සමග වන සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ ඇයගේ පෙම්වතකු ලෙස වසර ගනනාවක ඇසුරක් පැවත්වූ ගයාන් නැමැති රගර් ක්‍රීඩකයා හරහාය. සුජානි යනු හිටපු ඇමැතිවරයකුගේ සොයුරු ප්‍රසිද්ධ දේපල වෙලදාම් කරුවකුගේ දියණියය.

නාමල් හිමිකාරිත්වය දරණ සමාගමක, සාමාන්‍යධිකාරී තනතුර දැරූ සුජානි දැරුවේය. ගයාන් මහනුවර ක්‍රීඩා සමාජයට හා බ්ලැක්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයෙකි. ගයාන් විවාහකයෙකු වන අතර ඔහු සිය බිරිද ගෙන් දික්කසාද වීමට නඩු පවරා ඇති බවද ඔහුට එක් දරුවෙකු සිටි.

සුජානි ද සිය පළමු විවාහයෙන් දික්කසාද වී ඇති තැනැත්තියකි. ඉන් පසුව සුජානිගේ පෙම්වතාව සිට ඇත්තේ රාජ්‍ය ආයතන තුනක රැකියා කර වැටුප් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කප්පම් චම්පි යන අයය.

චම්පි නාමල්ගේ දකුණු අත විය. නාමල් හරහා ඔහුව හඳුනා ගන්නා ඇය පසුව චම්පි සමඟ විවාහ වන තරමටම එම සම්බන්ධය දුර දිග ගොස් ඇත. ඇයගේ මව හා එකඟ වීමෙන් අනතරුව විවාහය සිදු කිරීමට දින නියම කර ගත් බවද කියැවේ.

එහෙත් ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමෙන් අනතුරුව එම සම්බන්ධය අතරමගදී නැවතී ඇත. ඒ අතර තුරදී යෝෂිතගේ මාර්ගයෙන් රග්බි ක්‍රීඩකයෙකු වූ ගයාන් නම් වූ ක්‍රීඩකයා ඇයට මුණ ගස්වා ඇත. ගයාන් කලින් 'පෙන්ගුවින් ' ක්‍රිඩා සංචිතයේද පසුව 'මාස් ' කණ්ඩායමේද සාමාජිකයෙකි. ජාතික සංචිතයට ඇතුලත් වීමේ භාග්‍ය ලැබූ ඔහු 'මහනුවර' කණ්ඩායමේද කලක් නායකයා වී සිට බවද පැවසේ. පසුව කාල්ටන් හිදී සුජානි 'බ්ලැක්' කණ්ඩායමේ මූල්‍යම කටයුතු කර අතර ගයාන් එම කණ්ඩායමේ නායකයා විය. හදුනා ගැනීමෙන් අනතුරුව දෙදෙනා අතර දුර දිග ගිය ප්‍රේම සම්බන්ධයක් ඇතිව තිබේ. මේ කාලය අතරතුර නාමල්ගේ කොන්ත්‍රාත් එකකට අනුව ගයාන් සහ ඇය මහනුවරින් ඉඩමක් මිළට ගත් බවත්, එය හෝටලක් සඳහා බවත් එහි ඔප්පු ලියා ඇත්තේ නාමල්ගේ නමට නොවන බවත් කතාවක් ඇත. එය ප්‍රසිද්ධ රහසක් බව දන්නෝ කියති.

ඔවුන් දෙදෙනාගේ පෙම් පටලැවිල්ලට මාසයක් පමණ වනතුරුත් ගයාන් කසාදයක් කර දරුවකුද සිටින බවට සුජානි දැන සිටියේ නැති බව කියති. කලක් ගත වද්දී ගයාන්ගේ කසාදය පිළිබඳව කට කතා සුජානිගේ කනට වැටුනත් ඇය එතරම් එය ගනනකට ගත්තේ නැත.ඇයට අවශ්‍යව තිබුනේ හුදෙක් අස්සයින් මාරු කිරීමේ ප්‍රතිපත්තියයි. ගයාන් කසාදයක් කර ගත් පුදගලයෙකු බව යෝෂිත හෝ නාමල් නොදන්න බව කියයි. ජාතික සංචිතයේ සිටිනා සහෝදර ක්‍රීඩකයින්ගේ පෞද්ගලික තොරතුරු යෝෂිත හෝ නාමල් නොදන්නා බවක් කීම විහිළුවකටද කරුණකි.

මෙසේ කට කතා පැතිරෙද්දී නාමල්ගේ කාර්යාලයේදී සුජානිට දැඩි ලෙස අවවාද කළ බැව්ද කියැවේ. එයට හේතුව වන්නේ සුජානිගේ අත ගන්නට නාමල්ගේ දකුණු අත වන චම්පි නම් වූ තැනැත්තා සිටි නිසා වන්නට පුලුවන. එම අවාදයෙන් පසුව ඇය නාමල්ගේ කාර්යාලයෙන් ඉනත් වූ බව කියයි,එයට හේතුව වූයේ නාමල් ඇයට ප්‍රසිද්ධියේ බැණ වැදීමට හේතුව වූ බව කියයි. දෙන්නා හොරෙන් හොරෙන් පෙම්කෙලිය අන්දම කාර්යාලය දැනුවත් වීම තුළින් සුජානි පසු බැස්සෙ කාර්යාලයෙන් ඉවත්වීමෙන්‍ ය.ඒ වන විටත් ඇය නාමල්ගේ දකුණු අත වන චම්පි සමඟ විවාහ වීමට සිටීමත්, ඇය පුල පුලා කියා සිටියේ ගයාන් සමඟ ඇත්තේ හුදෙක් හිතවත් කමක් පමණක් බවයි. එහෙත් එයින් අනතුරුව සුජානි එකතු වන්නේ මාස් හෝල්ඩින් ආයතනටයි, එතන ක්‍රිඩා කරන්නේ ගයාන් ය. මෙසේ සිදුවන විට සුජානිගේ නිවසට කසාද බැදීමට සිටින චම්පිගේ පැමිණීම කෙරුන අතර චම්පි නොඑන දින වල ගයාන් පැමිණීම ද සිදුවීම ප්‍රසිද්ධ රහසක් විය.

චම්පි එය දැන ගත් විට සුජානි කිවේ ගයාන් යනු හිතවතෙක් පමණක් බවයි. චම්පි එය වටහා ගත්තාද නැතහොත් සුජානිගේ මුදල් හේතුවෙන් නොදැක්කා වගේ සිටියාද විය හැක. කැස්ස ලෝකයට වසන් කළ නොහැක්කා සේම මේ ප්‍රේම කතන්දරය පිළිබඳව ගයාන්ගේ බිරිඳගේ කණට වැටෙන්නේ ඒ අතරතුරේදීය. පසුව ගයාන්ගේ බිරිඳ, සුජානි හමුවන්නේ මේ කුණුහරුපයේ සත්‍ය දැන ගැනීමට යැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.එහිදී සුජානි විසින් ගයාන්ගේ බිරිඳට පොරොන්දුවක් වන්නේ මේ අනියම් පෙම නවතා දැමීමට තමන් කටයුතු කරන බවත්, මිතුරියන්සේ අපි ආශ්‍රය කරමුය, යන යෝජනාවයි. එහිදී සුජානි පිළිබඳව සැකයක් නොවන්නට ඇය වග බලා ගනී. යෙහෙළියක් සේ සිටිනා විට ගයාන් වෙත් ලං වීම සුජානිගේ අරමුණ විය. ඇය වංචනික ලෙස ගයාන්ගේ බිරිඳගේ සිත දිනාගෙන පෙම් කෙලින්නට පාර සොයන්නට විය. එසේ වන විට නාමල් උත්සාහ දරා ඇත්තේ එංගලන්තයේ ඇතැයි කියන නාමල්ගේ සමාගමකට සුජානිව පිටත් කර හැරීමටය. එසේ උත්සාහය කර ඇත්තේ නාමල්ගෙ දකුණු අත යැයි කියන චම්පිට සුජානිව ලබා දීමත් සුජානි නාමල්ගෙන් වෙන්වූව හොත් නාමල්ගේ හොර ව්‍යාපාර වලට බාධාවක් වේ යැයි වන්නට පුලුවන.

එම කාලයේම සුජානි හිටි අඩියේම සංචාරයක් යැයි කියමින් සිංගප්පූරුවට යයි. ඒ යන්නේද තනිවම නොව,ගයාන් සමඟ තවත් තුන් දෙනෙක් සමගය. එය දින හතරකට පමණක් සීමා වූ බව කියැවෙයි. සම්පූර්ණ වියදම දරනු ලබන්නේද සුජානි විසින් බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර තුරේදී සුජානි සහ ගයාන් නැවත පිට රට යති. ඒ පිටත් වන්නේ පසුගිය ලෝක කුසාලන රගර් තරගාවලිය නැරඹීමට යැයි කියයි. එම ගමන පිළිබඳව චම්පිද දැන ගැනීමෙන් අනතුරුව, ඔහු සුජානිව අතහැර ගොස් වෙනත් කසාදයක් කර ගත් බව සැලවෙයි. සුජානි දැඩි ලෙස ගයාන් සමඟ අනියම් ප්‍රේමය අත් නොහරින බවට තීරණය කරන්නේ ජනවාරි 8 වනදා ජනාධිපතිවරණයෙන් පැරදූනට පසු බවත්, එයට ප්‍රේමයකට වඩා දුර ගිය වෙනත් බැරෑරුම් දෙයක් ඔවුන් දෙදෙනා තුළ ඇති බැව් ඔවුනගේ හිතවතුන්ගේ මතයයි. එයට හේතුවක්ද ඇත, මූලික හේතුව වන්නේ ගයාන් මලික්ගේ සුහදයෙක් වීමය. මලික් ආණ්ඩුවේ කෙරුම් කාරයෙකි. ඩීල් වලට කූප්‍රකටය. එය සුජානි හොදටම දනී. එයින් ප්‍රයෝජනය ගැනීමට සුජානි විසින් ගයාන් ව ආයුධයක් කරගෙන ඇත.

එපමණක් නොව මේ වන විට ගයාන් තම බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීම සඳහා නඩුවක්ද දමා ඇත. එපමණක් නොව ගයාන් දැනට පාවිච්චි කරන නිල්පාට වාහනය නාමල් විසින් සුජානිට දුන් එකක් යැයිද කියයි. නාමල්ගේ සහ සුජානිලාගේ හොරකම් හෙළි වන විට පලිහක් කර ගැනීමටත්, සුජානිගේ සියළුම රහස් ගයාන් දන්නා බවත්,ආරංචියේ හැටියට කරදරයක් වුවහොත් දෙදෙනාටම මලික් ගේ නිවසේ නවාතැන් දීමටද මලික් ඉදිරිපත් වී ඇතැයි කියයි.  සුජානිට ගයාන්වත්,ගයාන්ටත් සුජානිවත් අවශ්‍ය වන්නේ සුජානිගේ ජීවිතයේ සියළුම රහස් ගයාන් දන්නා නිසාය. සුජානි උත්සාහ කරන්නේ ගයාන් හරහා නිදහස් වීමට වන්නට පුලුවන. මැතිවරණය පැරදීමෙන් අනතුරුව සුජානි දැඩි ලෙස ගයාන් සමඟ එකතුවන්නේද වාසියක් ලබා ගන්නට පුලුවන.

Last modified on Wednesday, 24 August 2016 08:20

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us