විශ්වාසභංගයට පෙර ඇමැතිකම් අත්හරිති. එය නොගෙනෙන්නැයි ජනපතිගෙන් බලපෑම්.

Published in පුවත්
Friday, 06 April 2018 17:31

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

මේ ඉක්මන් තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මෙම ඇමැතිවරු 16 දෙනාට එරෙහිව අද දින විශ්වාසභංග යොජනා අත්සන් කිරීමට ගත් තීරණයත් සමඟය. මේ වන විට ඊට අදාල අත්සන් එකතු කිරීම සිදු කර අවසන් ව ඇති අතර නීතිමය කටයුතු සිදුවෙමින් තිබේ.

එහෙත් මේ අතර ජනධිපතිවරයා විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් වැලකී සිටින්නැයි එජාප නායකත්වයෙන් ඉල්ලා ඇති බවත් වාර්තාවේ.


ජනධිපතිවරයාගේ වුවමනාව අනුව කටයුතු කළ මෙම පිරිස රැක ගැනීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යු‍තු බවත් ජනාධිපතිවරයාගේ ගෞරවය රකින් තමන් පාර්ලිමේන්තුවෙ ස්වාධීනව කටයුතු කරන බවත් අවශ්‍ය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවත් පොරොන්දුව තිබේ.

මෙම පිරිස එකාබද්ධ විපක්ෂය හා සෘජුව කටයුතු කිරීමෙන් වැලකී සිටිමටද තීරණය කර තිබේ. එනමුත් එකාබද්ධ විපක්ෂයේ වත්මන් නායකයන් ගනනාවක්ම මෙම පිරිස තමන්ගේ පිලට වැද්ද ගැනීම ගැන විරෝධය පළ කරද තිබෙන බව දැන ගැනිමට තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us