ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිදු වූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇප මත මුදා හැර අැත.

ලංකා ගුරු සංගමය අද (20)පෙරවරුවේ ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර අැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ හතක් විපක්ෂ නායකවරයා වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා නොපිළිගන්නා බව එම පක්ෂ නායකයෝ කතානායක චමල් රාජපක්ෂ මහතාට ඊයේ (19දා) දැනුම් දුන් බව, මහජන එක්සත් පෙරමුණේ නායක ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයේ කණ්ඩායම් නායක ජේ. සී. අලවතුවල මහතාට සහාය දීමට කැමත්ත ප්‍රකාශ කොට ඇත. ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ දිවුරුම් පෙත්සම් අභිනවයෙන් පත්වන ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

නව ආණ්ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීම අද (20 දා) පැවැත්වෙන අතර එහිදී නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ රුව ඇතුළත් කර මෙරටට ගෙන්වා තිබූ ඔරලෝසු තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි හැටපන් ලක්‍ෂයක්‌ පමණ වන බවට ගණන් බලා ඇත.

මහා පරිමාණ මූල්‍ය වංචා විවිධ දූෂණ සහ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් ඇතුළු බලවතුන් රටින් පැන යැම වැළැක්‌වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෛත්‍රීපාලනයේ ක්‍රීඩා ඇමැතිධුරය සංචාටක අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

 

ld add copy

Connet With Us