පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටවුට්, ‍පොලිතීන් හා ‍පෝස්ටර් භාවිතා නොකිරීමට ඒ මහතා තීරණය කර ඇත.දැන්වීම් සහ අත්පත්‍රිකා මගින් සිය ප්‍රචාරක කටයුතු කිරීමටත් ඊට අමතරව ගම් මට්ටමේ රැස්වීම් පැවැත්වීමටත් ඔහු විසින් තීරණය කර තිබේ.

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
අධිවේගි මාර්ග තනමින් නගර අලංකරණය කරමින් රට ලස්සන කරනවා කීවද රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. 
රජයේ වංචා සහ දූෂණ පිළිබඳ කරුනු ඇතුළත් ලිපිගොනු දහසක් තමන් සතුව පවතින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් සහ  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද(30)  ආරම්භ වීමට නියමිතව තිබේ. 

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වත්මන් රාජපක්ෂ පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ හේතුවෙන් එළැඹෙන ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්මිය සහාය පළ කරන්නේ කාටදැයි යන්න පිළිබඳ දෙගිඩියාවකින් සිටින බවද සඳහන්ය. 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රාජා පුගනේෂ්වරන් මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වුයේය.

 

ld add copy

Connet With Us