ඉන්දු ශ්‍රි ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බව ඩි.එම්.කේ.පක්ෂය පවසයි.

ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා කැෆේ සංවිධානය , ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්වී වැඩසටහනක් දියත් කර තිබේ.

'පිවිතුරු හෙටක් සඳහා ජාතික සභාවේ' සභාපති සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් විසින් ලබන දොළොස්වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් වන මහ සමුළුවක් හේතුවෙන් දේශපාලන ක්ෂේත‍්‍රය උණුසුම් වෙමින් ඇත.

වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස පොළොන්නරුව පැවැති රැස්වීමකදී තමා තවමත් රතු පාටට හදවතින් ආදරය කරන බව පැවසිය.

එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට ඉදිරිපත්වන්නයැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මාර්ගයෙන් ඔහුගෙන් ඉල්ලා ඇතැ’යි ද සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා එය එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇතැ’යිද එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් පැවසූහ.

එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ විමත් සමග ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරු ජයසූරිය මහතාට දුරකතනයෙන් අමතා සුබ පතා තිබේ.

මංගල සමරවීර මහතා පක්‍ෂයේ ඇතැම් සිදුවීම් නිසා යම් යම් සිත් තැවුල් ඇතිකරගෙන සිටින නමුත්, තමාගේ විශ්වාසය අනුව ඔහු කිසිදාක යළි ගිලෙමින් යන සන්ධාන ආණ්ඩු නැවට ගොඩනොවන බව ස්ථිර යයි එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

චාල්ස් කුමරු විසින් කොලොම්බියාවේදී නිරාවරණය කළ සමරු ඵලකයකට එරට වැසියන්ගේ විරෝධතාවය පළ වී අැත.

 

ld add copy

Connet With Us