මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල පුද්ගලයින් 7575 දෙනෙකු අවතැන් කඳවුරුවල වාසය කරයි.
මීරියබැද්ද නායයාමෙන් අවතැන්ව සිටින ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාව විසින් ඉල්ලා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් ලිංගික අල්ලස් ඉල්ලන බවට පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී. 
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායකව සිට ඉන් ඉවත්වී පසුව එජාප යට එක්වූ ජස්ටින් ගලප්පත්ති මහතා වැලිගම ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක ධුරයට පත්කර තිබේ.

හල්දුම්මල, මීරිබැද්ද නායයාම හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල නායයෑමේ තර්ජන මතුවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උමා ඔය සංවර්‍ධන ව්‍යාපෘතිය යටතේ  හාරමින් යන උමගේ බලපෑම බවට බරපතල සැකයක් ඇතිවීතිබෙන බව පරිසර වේදීන් සඳහන් කරයි.

මානව ක්‍රියාකාරකම් හමුවේ සමස්ත මධ්‍යම කඳුකරයම අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇතැයි උකුවෙල සණස සොබාදහම් ගොවිපලේ අධ්‍යක්ෂක වන පරිසරවේදී තිලක් කන්දෙගම මහතා ප්‍රකාශ කරයි.
මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ඉහළ ස්ථානවල ජලාශ ඉදි කිරීම හා ඉවක් බවක් නොමැතිව කරන පරිසර හානි නිසා සමස්ත මධ්‍යම කඳුකරයම අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇතැයි උකුවෙල සණස සොබාදහම් ගොවිපලේ අධ්‍යක්ෂක වන පරිසරවේදී තිලක් කන්දෙගම මහතා ප්‍රකාශ කරයි.ඔහු මේ බව ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) උකුවෙල සණස සොබාදහම් ගොවිපලේ පැවැති පරිසර හිතකාමීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්ය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කන්තලේ පැවැති ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අදහස් පල කර සිටියේය.

 

ld add copy

Connet With Us