2024 අගෝස්තු මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 577.5 ක් ලෙසින් වාර්තා වේ.

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය.

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පීරිස්ව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරව වැලඳ ගන්නා ආකාරය දකින්නට ලැබිණි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.

අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා මීට පෙර ඇසු ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක වේදිකාවේ පිළිතුරු ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ld add copy

Connet With Us