එළඹෙන ජනාපධිතිවරණයේදී තම පක්‍ෂය එජාප විරෝධී අපේක්ෂකයෙක්ට සහාය දෙන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැප වී කටයුතු කරන බව  කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් පවසයි.
වසර 2015  සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට  ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.
වෙබ් අඩවිවලට ඕනෑ විදිහට  වත්මන් ආණ්ඩුව ක්‍රියා නොකරන බව සභානායක, වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉකුත් දා ඉදිරිපත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය සඳහා වු කෙටුම්පත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇත්දැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් අද ප‍්‍රශ්න කළේය. 

රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුකරමින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කල ඉන්දුනීසියාවේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටිල් පෞද්ගලික සමාගමේ (Taurian Iron and Steel Company (Pvt) Ltd ) දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ, මනිවන්නම් නමැති ව්‍යාපාරිකයකු බව විදුලි බල අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ‍්‍රමනියම් ස්වාමි ඊයේ (24) මුණ ගැසී අැත.
උතුරු කොරියා දේශසීමාව අසල දේශපාලන ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහරින බව දකුණු කොරියා ක‍්‍රියාකාරීන් පවසයි.

 

ld add copy

Connet With Us