මරදාන, පංචිකාවත්ත ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් සිව්දෙනෙකු පොලිසිය මගින් මාලිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

තරුණයන් සහ වැඩිහිටියන් එක්ව ජනාධිපතිවරණය අවසන් මහා තරඟයක් ලෙස සලකා එක්සත් ජාතික පක්ෂයට ජයග‍්‍රහණය හිමිකර දිය යුතු බව එම පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවසිය.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට විපක්‍ෂයේ පොලූ අපේක්‍ෂකයාට අමතරව තවත් අපේක්‍ෂකයන් පස්  දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වේ.

මහා මර්ගයන්හි රථ වාහන ධාවනයේදී වැරදිකරුවන් වන පුද්ගලයන්ට කෙටි පණිවිඩයක් මඟින්  දඩ මුදල් එවෙලේම ගෙවීමේ ක්‍රමවේදයක් ඉතා නුදුරේ දීම හඳුන්වා දෙන බව රථවාහන පොලිස් මූලස්ථානය පවසයි.

2020 වන විට මුඛ පිළිකා රෝගය 15%කින් අඩු කිරීමටත් මුඛ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවසාන අවස්ථාවේ එන රෝගීන්ගේ සංඛ්‍යාව 30%ක මට්ටමකට ගෙන ඒමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය බව එම අමාත්‍යාංශයේ දුම්කොළ හා මුඛ පිළිකා පාලන ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ පැවසීය.

තේ සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන්ට හානි කරමින් එම නම්වලින් කසළ තේ රට පටවන ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන බව කසළ තේ ජාවාරම් ගැන පරීක්ෂණ පවත්වන ‍පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ.

පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී. ජයසේනට අයත් මන්තී‍්‍ර නිල නිවාසයක් ඇසුරෙන් ගණිකා ව්‍යාපාරයක් කි‍්‍රයාත්මකය. කෝට්ටේ,මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ අංක  ඊ 02  දරණ නිවස අයත් වන්නේ ඇමතිවරියටය. එම නිවසේ ලිපිනයට පවරා ගත් බදු ඔප්පුවක් මඟින් ‘කැප්රින් මූන් රෙස්ට් ඉන් ’නමින් හෝටලයක් පවත්වා ගෙන යයි. එය පිහිටා ඇත්තේ කටුනායකය.

සිය දියණිය දූෂණය කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පුද්ගලයෙකු පොළොන්නරුව බන්ධනාගාරයේදී අද අලූයම ගෙල වැළලාගෙන මියගොස් ඇත.

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us