ඉන්දියාවේ භවානි සාගර් නමැති සරණාගත කඳවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. 

රාවය පුවත්පතේ තමන් සම්බන්ධ සාවද්‍ය පුවතක් පල කිරීම නිසා තමාගේ කීර්ති නාමයට අපහාසයක් වූ බැවින් ඊට මිලියන පනහක වන්දි මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා නිතීඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.

ළමා අපයෝජන සිද්ධීන් වලට ආදාළ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පරිගණක තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධිකරණ අමත්‍යංශය පියවර ගෙන තිබේ.
ජීවන වියදම රු.50792 ක් තරම් ඉහළට නැගීම හා රාජ්‍ය පෞද්ගලික, වතු ක්ෂේත‍්‍රවල සියළු සේවක වැටුප් වැඩිකර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති සමග ඒකාබද්ධ වැටුප් අරගලයක් සඳහා වන සාකච්ඡාවක් ඊයේ (20) ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. 

චාලක න්‍යුරෝන ආබාධ ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Ice bucket challenge වැඩසටහන මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම අභියෝගයෙහි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කර ගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි.

එම අභියෝගය භාර ගෙන එය ඉටුකොට තමන් විසින්ම එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පල කර පැය 24 ක් තුළ මීලග අභියෝග කරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කල යුතුය.

 ත‍්‍රස්තවාදී අදහස් ඇති පුද්ගලයින් පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් ලක් රජය විශාල වරදක් සිදුකර ඇති බව ත‍්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.

පොදු අපේක්ෂකයෙකු සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවසන් එකඟතාවකට පැමිණෙයි 

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යති. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ,  ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධාන කෙරුණු බවයි. 

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us