සරසවි වරම් ප්‍රදානය කිරීමේ දීත් දේශපාලන මැදිහත් වීම් සිදු කෙරෙන ආකාරය ඉස්මතු කෙරෙන වාර්තාවක් මේ දිනවල මාධ්‍ය මගින් සාකච්ඡා වෙමින් පවතී.
කොළඹ නගරයේ එකතු කරන කුණු සහ අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාරුව ප්‍රදේශයට බැහැර කරමින් මුළු ප්‍රදේශයම පරිසර හානියකට බඳුන් කිරීමේ වැඩ පිළිවෙලකට කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිඛෙන අතර එයට 'පුත්තලම ජනතා හඬ' නමැති ව්‍යාපාරය, තම බලවත් විරෝධය ප්‍රකාශ කර තිබේ.
ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදී දිනිඳු යශේන් දරුවා පැහැරගත් කප්පම් කල්ලිය භාවිත කළ ජංගම දුරකථන සිම් කාඩ්පතක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන හමුවේ එම සිම්පත් කිසිදු වගකීමකින් තොරව නිකුත් කොට ඇත්තේ එටිසලාට් ජංගම දුරකථන ජාලය බව හෙළිවී තිබේ.
අද මෙසේ විශාල නියඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ මිනිසා පරිසරයට සිදු කරන විනාශ කාරී කටයුතුවල ප‍්‍රතිඵල වශයෙන් යයි කථානායක චමල් රාජපක්ෂ මහතා ලූණුගම්වෙහෙර අලූත් සහල් මංගල්‍යයේ දී ගොවි ජනතාව අමතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර පැන නැගී ඇති ආරවුල් උග්‍ර තත්ත්වයට පත්වීම හේතුවෙන් එය විසඳීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ඇතැයි වාර්තා වේ.
උඩවලව රක්‍ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර 10 ක් පමණ වූ ගංජා හේනක් පොලීසිය විසින් වටලා අැත.