මුද්දරයක් මත අත්සන් කර ලිපියක් මගින් රු. 30000 කට මාස 06 ක බිලිඳියක් විකිණීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු සපුගස්කන්ද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2004 දෙසැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් ඇති කරමින් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇති වූ සුනාමි අනතුරින් අතුරුදන් වූ ඉන්දුනීසියානු දැරියක් වසර 10කට පසුව නැවත හමුවීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.

හිටපු හමුදා නිලධාරියෙකු වූ වත්මන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සිය දකුණු අත අහිමිව තිබියදීත් මෝටර් රථ ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් අනතුරුදායක ලෙස රිය පදවන බවට වාර්තා වෙයි.

මිනිස් සිරුරේ රෝගාබාධ නිශ්චය කර ගැනීම සඳහා බෙහෙත් කරලක ස්වරූපයෙන් කැමරා කරලක් නිපදවීමට එංගලන්තයේ රෝයල් බෝල්ටන් රෝහලේ වෛද්‍ය සලීල් සිං සමත්ව සිටී. මේ කැමරා කරල මඟින් සිරුර අභ්‍යන්තරයේ සැඟව පවතින රෝගාබාධ රැසක් සොයා ගැනීමට හැකි බව වෛද්‍යවරු පවසති.

ජංගම දුරකථන රැගෙන එන මුවාවෙන් ගුවන් තැපෑල හරහා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක්‌ ඇති මත්කුඩු සහ රත්රන් රැගෙන විත් ඉතා සූක්‍ෂම ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයෙන් පිටකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌  පැවසීය.

අනියම් සබඳතා පිළිබඳව හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ. මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය.

'පූලන්' දේවිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ගේ ප්‍රධානියා එම චෝදනාවලට වරදකරු වන බව අධිකරණය තීන්දු කර තිබේ.

ඉදිරි  ජනපතිවරණයෙදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා  "Hologram" තාක්ෂණය භාවිතා කිරීමට මුළු එහි  ප්‍රචාරක වැඩසටහන් බාරව සිටින භාතිය හා සන්තුෂ් ගේ B&S සමගම කටයුතු කරමින් සිටියි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us