සුමන්තිරන්ගේ ප්‍රකාශය පක්ෂයේ තීරණයක් නෙවෙයි - මාවෙයි සේනාධිරාජා
වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
ඉතියෝපියාවෙන් කෝටිපතියන් ගෙනවිත් ලංකාවේ පාසල් වල සුහුරු පන්ති කාමර හදනවා යැයි බබ්බු වගේ කතන්දර කියන සජිත් ප්‍රේමදාස වැනි අය රටේ නායකත්වයට නොව ඇමතිකමකටවත් සුදුසු දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජා ඇල දී ප්‍රශ්න කළේය.
නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමට කතිකාවක් - ජනපති
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයි ද අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තිබේ.
ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකග වී තිබේ.
වරද්දා ගන්නේ නැතුව ඡන්දය භාවිතා කරන්නේ මෙහෙමයි - මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්
එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි.