පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73,000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.

නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

එන්ජින් ධාරිතාව 450 ඉක්මවූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

සිංහල හා දෙමල මාධ්‍ය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනු ඇත.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

 

ld add copy

Connet With Us