බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අද (01)උදෑසන 6.30 සිට පැය 4 ක් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධානගත වීමට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් එකඟතාවයකට පැමිණ අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

චීනයේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ආයෝජනයට එකඟ වූ ඩොලර් බිලියන 4.5 දෙගුණ කර ඩොලර් බිලියන 9ක ආයෝජන සිදු කිරීමට එම සමාගම කැමැත්ත පළ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉරිදා (24) එහි ගිය අගමැතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසක් හමුවූහ. එරට කථානායකවරයාද දිනේෂ්ව හමුවිය.දෙරට අතර ගිවිසුම් 9ක් අත්සන් තැබුවේද ඒ අතරතුරය. චීන කොමියුනිස්ට් පක්ෂයේ, ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji ද මුණගැසී සාකච්ඡා කළ දිනේෂ්, බිජිං හි ටියන්මෑන් චතුරස්‍රයට පැමිණ දිවිපිදූ රණවිරුවන්ට, රණවිරු ස්මාරකයේදී පුෂ්පෝපහාර දැක්විය. ඔහු පළමුවෙන් ම කළේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, ශ්‍රී ලාංකේය වෘත්තිකයන් හමුවීමය.

 

ld add copy

Connet With Us