කොළඹ නගරයේ ගංගා, වැව්, ඇළ මාර්ග ආශ්‍රිතව කිඹුලන් ගැවසීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒවා භාවිත කිරීමේදී සහ අසළ ගැවසීමේදී අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව මේ වසර අවසන් වන විට දැනට සිටින ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමට කටයුතු කරමින් සිටී.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි.

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

ld add copy

Latest News

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි.  මෙහෙම වුනේ කොහොමද?

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි. මෙහෙම වුනේ කොහොමද?

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද...

Connet With Us