නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඉතිහාසයේ පළමු වතාවට රුපියල් කෝටි 1600ක් වටිනා දුම්රිය එන්ජින් 20ක් ඉන්දියාවෙන් මෙරටට ත්‍යාගයක් වශයෙන් ලැබී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය (15) අදයි .

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසැකවම තරඟ කරන බවත් එහෙත් මේවන විට ගන්නා තීන්දු තීරණ මැතිවරණයක් ඉලක්ක කරගැනීමකින් තොරව ආර්ථිකයේ සහ ජනතාවගේ යහපත උදෙසා අනාගත දැක්මත් මත පදනම්ව ගන්නා බවත් මනූෂ නානායක්කාර  පැවසීය.

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us