මෙරට එකතු කළ අගය මත බදු එහෙමත් නැතිනම් වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමටත් මෙතෙක් වැට් බදු සඳහා බල නොපෑ භාණ්ඩ හා සේවාවන් ගනනාවක් ඒ සඳහා ඇතුලත් කරගැනීම සිදුව තිබේ. මේ තත්වයන් අනුව යලළි භාණ්ඩ හා සේවන් වල මිල ඉහළ යෑම ගැන විශාල කතිකාවත් නිර්මාණ වී තිබේ. කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවව තුළ මෙම බදු සංශෝධනයට අදාලව පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමට නියමිතය.

කල්බදු වාරික හිඟ වාහන ඇති වාහන හිමියන් සොයා ගොස් එම වාහන කල්බදු වාරික ඉදිරියට ගෙවාගෙන යාමේ පොරොන්දුව මත අඩු මිලට මිල දී ගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන සකස්කර අන්තර් ජාලයේ දැන්වීම් පළකර අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඊට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් ඊයේ (10) වන විට අත්අඩංගුවට ගෙන වාහන රැසක්ද සොයාගෙන ඇත.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිර වශයෙන්ම ඉදිරිපත්වන බවත් ඔහු ජයග්‍රහණය කරන බවත් Chatham Street Journal පුවත්පත විශේෂ වාර්ථාවක් පළ කර ඇත. එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්ථා කර ඇත. එසේම ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇත්තේ ජවිපෙ අනුර කුමාර බවත් සඳහන් කරයි.

2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් අගනුවර වෙත ගමන් කරන මගීන්ගේ පහසුව වැඩි කරමින් කොළඹ සහ මුම්බායි අතර දෛනික ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී ඇත.

කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(11 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ආහාරයට ගනු ලබන තෙල් ප්‍රමාණය පාලනය කිරීම මඟින් හෘදය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු  වීම ඇතුළු තවත් රෝගවලින් වැළකිය හැකි බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.

ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගොස් රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට විපක්ෂයක් විදිහට සහාය ලබා දෙන්නේ යැයි සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැසීය.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us