අතීත වැරදි යළි සිදු නොකළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් 754 දෙනෙකුට අද (04) විශේෂ රාජ්‍ය සමාව හිමිවේ.
එළැඹෙන ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම මේ වන විට තහවුරුව තිබේ. එමෙනම ඔහුට සහය දීමට ඉදිරිපත් වන කණ්ඩායම් අතර තරගයක්ද නිර්මාණය වෙමින් ඇත.
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇත.
ඔන්ලයින් පනතෙන් කැඩෙන එක අයිතිවාසිකමක් හෝ පෙන්වා දෙන්න
පසුගිය දා සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එකදු කරුණක් හෝ පවතී නම් එය පෙන්වා දෙන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.
පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ උදරයේ මත්ද්‍රව්‍ය පැකට්ටුවක්
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට ඥාතීන් සහ ගම්වාසීහු චෝදනා එල්ල කළ 22 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව ශරීරයේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල කිසිවක් නොතිබූ බවත් වාර්තා වී තිබේ.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට ග්රැන්ටි දොඹකර 3ක් ගෙනෙයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ඇනවුම් කරන ලද ගැන්ට්‍රි දොඹකර 12න් පළමු ගැන්ට්‍රි දොඹකර 03, ඊයේ (02දා) ෂෙන් හුවා -24 නෞකාවෙන් කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය වෙත ගෙන එන ලදී.
'යුක්තිය' මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.