රාජ්‍ය ක්ෂේත්රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා සිදු කරන්නේ නැහැ - රමේෂ් පතිරණ කියයි.
වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බැවින් ඉදිරියේ දී අත්‍යවශ්‍යම ක්ෂේත්රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශයක් කර තිබේ.
ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බවයි.
"රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි. ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්. ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ." යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
මේ අතර රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන් වැඩිම පිරිවැයක් දැරීමට සිදුව තිබෙන ආරක්ෂක අංශවලට බැවින් ඉදිරියෙදී එම ලක්ෂ තුනකට ආසන්න සාමාජිකයන් ප්‍රමාණය ලක්ෂය දක්වා අඩු කිරීම වෙනුවෙන් පියවර ගැනීමටද රජය තීන්දු කර ඇත. එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතන වල රාජ්‍ය සේවකයන්ට ස්ව කැමැත්තෙන් විශාම යෑමේ වැඩ පිළිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
IMF සමුළුව, ශ්‍රී ලංකාවේ විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් !
ලෝකය පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණ ඡන්දය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව පවසයි.
මරු කැදවූ ගස මාස දෙකකට පෙර අතු කපා දැමු ගසක් බව හෙළිවේ ! අනාරක්ෂිත ගස් ගැන විශේෂ සාකච්ඡාවක් සදුදා !
කොළඹ නගරයේ තිබෙන වසර 30-35කට වඩා පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උපදෙස් දුන් බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කර ඇත.
අභියෝගාත්මක අයවැයක් ලබන වසරේ - මුදල් රාජ්‍ය ඇමැති කියයි !
අභියෝගාත්මක අයවැයක් ලබන වසර සඳහා ඉදිරිපත් කරනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අවිස්සාවේල්ල දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (6) පැවති රැස්වීමකදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පැවසීය.
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආදායම් උපදවන සියළු ආයතන කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතන වලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.