සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරයි. විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් ලබාදිම සදහාවන කැබිනට් පත්‍රිකාව ඊයේ (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන මිල වැඩි කිරීම ගැන මහ බැංකුව මුදල් ඇමතිතුමාට කළ දැනුම් දීමක් අනුව ඉන්ධන මිළ වැඩිකළ බවත් මහබැංකුව විසින් මුදල් ඇමතිවරයාට දැනුම් දී තිබෙන්නේ පෙට්‍රල් රු. 35කින්, ඩීසල් රු. 24කින් සහ භූමිතෙල් රු 11කින් වැඩි නොකොළොත් ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට නොහැකි වීමෙන් රට දැවැන්ත විදේශ විනිමට අර්බූදයකට තල්ලු වෙනවාය කියන පදනම බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවන මුදල් ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම පිණිස දායකත්වය දැක්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශිෂ්ටයින් ඇගයීමේ "විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය" මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින මහුනවර Earl's Regency හෝටලයේදී පැවැත්විණි.

දැවි තෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලබන ආදායම 100%කින් වර්ධනය කර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

බණ්ඩාරවෙළ නගරය මසක් ඇතුළත සම්පුර්ණයෙන්ම අලංකාරවත්ව නිර්මාණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට හා බණ්ඩාරවෙළ නගරාධිපති නිශාන්ත රත්නායක මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට පළවන කටකථාවල සත්‍යයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ld add copy

Connet With Us