සමෘද්ධිලාභීන් දිගින් දිගට ම ණය සහ ආධාර මත යැපෙන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස නඟා සිටුවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

නකල්ස් වනාන්තර කලාපයේ යටි වනාන්තර ඉවත්කර එනසාල් වගාව ව්‍යාප්ත කිරීමට රජය ගෙන තිබෙන තීරණය නිසා දැඩි පරිසර හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීහු පවසති.

නකල්ස් කලාපයේ යළි එනසාල් වගාව සිදු කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පසුගියදා මීමුරේ ප්‍රදේශයේ සංචාරයකද නිරත විය.

මහවැලි ගඟේ මෙන්ම මොරගහකන්ද හා කළු ගඟ ජලාශවල ප්‍රධාන ජල පෝෂකය වන්නේ දුම්බර අඩවියයි.
මහවැලි ජලපෝෂක ප්‍රදේශ අතුරින් සියයට තිහක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර විසි එක්දහසක පමණ ප්‍රදේශයක් පුරා දුම්බර වනාන්තරය විහිදී තිබේ. දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ) වලාකුළු වනාන්තර ප්‍රදේශය දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, 2010 වසරේදී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස යුනෙස්කෝ සංවිධානය (UNESCO- United Nations Educational, Scientific and Cultural Organization) මගින් ප්‍රකාශයට පත්කර ඇති බව පරිසරවේදී සජීව චාමිකර පවසයි.

ලෝක සංරක්ෂණ සංගමය මගින් සිදු කෙරුණු අධ්‍යයනයකට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ.

මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllantha හා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වන බවද පරිසරවේදී සජීව චාමිකර පවසයි.

නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ එනසාල් වගා කිරීමේ සැලසුමක් නොමැති බව වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ පවසයි.

“නකල්ස් වනාන්තර කලාපයේ එනසාල් වගා කරන්න ඉඩ දෙනවා කියලා සමාජ මාධ්‍යවල හුවමාරු වන කතාව බොරුවක්. රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුරු මහතා මීමුරේදී පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අපි කියා සිටියා රක්ෂිතය ඇතුළත එනසාල් වගා කිරීම වැරදියි කියලා. එතුමා අපේ කාරණාව පිළිගත්තා. නමුත්, ඊට විකල්පයක් ලෙස නකල්ස් මායිමෙන් පිටත තිබෙන ෆයිනස් වගාව තුළ යටි වගා කිරීමට හැකි බව අපි දැනුම් දුන්නා. එම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ගියා. ඒ අනුව ෆයිනස් වගාව යට එනසාල් වගා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි” යැයිද නිශාන්ත එදිරිසිංහ කීවේය.

නකල්ස් ප්‍රදේශයේ සිදු කෙරෙන එනසාල් වගාව පිළිබඳව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායකගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මීට පෙර එනසාල් වගාකර අතහැර දැමූ භූමිය තුළ යළි එනසාල් වගා කිරීමට ඉඩදෙන බවය.

“එනසාල් වගාව කරලා පසුකාලීනව එම ඉඩම් අතහැර ගිය අයට නැවත් වගාව සිදු කරන්න අවස්ථාව ලබා දෙනවා. අද වෙද්දී එනසාල් කිලෝවක් රුපියල් පහළොස් දහසක් විතර වෙනවා. ඒ නිසා කැලයට, පරිසරයට හානියක් සිදු නොවන පරිදි එනසාල් වගා කිරීමට අවස්ථාව සලසා දෙනවා. එනසාල් වගාවට නිසි මිලක් නොතිබීම නිසා වගාකරුවන් පසුගිය කාලයේදී වගාබිම් හැරදා ගියා. මෙරට එනසාල්වලට ලෝකයේ වෙනත් රටවල ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා. කැලේ ඇතුළේ යටි වගාවක් ලෙස එනසාල් වගාව කරගෙන යෑමට ඉඩ දී‍මෙන් මේ නිසා කැලයට හානියක් වෙන්නේ නෑ” යැයි ඇමැති සී.බී. රත්නායක කියයි.

-අරුණ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නගරයේදී විරෝධතාවක් සංවිධානය කර ඇත.

වැලි කැණිම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල පහසුකම් නොමැති පාසල් සඳහා ලබා දීමේ “බසයෙන් අනාගතයට” ව්‍යාපෘතියේ දෙවැනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ක්‍රියාවට නැඟිණි.

ශ්‍රී ලංකාව තුළ බුර්කාව පැළැඳීම තහනම් කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Connet With Us