ගාල්ලේ එන්නත් මගඩිය සිදුකල අධ්යක්ෂවරු දෙදෙනාගේ තනතුරු අහෝසි !
ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබා දී තිබේනවා.
ඇස්ට්‍රා එන්නත් ගැන ජනපති විසින් ජපාන අගමැතිට කල ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් !
ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.
චමුදිතට නීතිය ක්‍රියාත්මක කරන්න - පියුමි සහ චන්දිමාල්ගේ නීතිඥවරයා ඉල්ලයි!
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ යන දෙදෙනාගේ නීතිඥයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මධ්‍යම රාත්‍රී 12.00 ට විවෘත කිරීමට තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පෙරේදා (07දා) රාත්‍රී 10.00ට විවෘත කොට ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට පොලිසිය හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පියවර ගත්තේය.
ලබන අගෝස්තු මස 01 වන දින සිට වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.
ලබන මාසයේ ශ්‍රීලංකාව සිනොවැක්ස් එන්නත නිපදවීමට සුදානම් !
එළඹෙන මස ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයට එරෙහි සිනොවැක්ස් (Sinovax) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කර තිබෙනවා.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේනවා .