විනිසුරුවරුන්ට එරෙහි මඩ ප්‍රහාර සිරිසේනගේ සහ මහින්දගේ මාධ්‍ය ඒකක වල වැඩක්.!
සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩු වලින් පරාජයට පත් වීමේ බරපතල අවධානමක සිටින සිරිසේන සහ මහින්ද කණ්ඩායම් වල මාධ්‍ය ඒකක විසින් මේ වන විට එම විනිසුරුවරුන්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ කඩා වැටෙන ආර්ථිකය ගැන විදෙස් සමාගම් කණගාටුව පළ කරයි..
පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ විදෙස් වානිජ සමාගම් පවසනවා. ශ්‍රී ලංකාවේ යුරෝපා වානිජ මණ්ඩලය (ECCSL), අමෙරිකානු වානිජ මණ්ඩලය ( AMCHAM) හා ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වානිජ මණ්ඩලය (AHK Sri Lanka) නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසන්නේ.
මව්බිම පුවත පට්ටපල් බොරුවක්.! සිරිසේනගේ කීමට ටිරාන් කරපු ජඩ වැඩක්.!
සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මුලුමනින්ම අසාර්ථක වීම නිසා මේ වන විට සිරිසේනගේ සම්පූර්ණ අවධානය යොමුව පවතින්නේ එක්සත් ජතික පක්ෂය දෙකඩ කිරීම වෙනුවෙනි. අද අමවුබිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල පළ කර තිබෙන ' රවී කරුණානායකට එජාප ආණ්ඩුවේ මුදල් ඇමැතිකම දෙන්වා යැයි ලිඛිත පොරොන්දුවක් දී ඇති..' බවට වන පුවත ඒ අනුව නිර්මාණය වූවකි.
සිරිසේන 19 වෙනස් කරමින් අලුත් ව්‍යස්ථා සංශෝධනයකට සූදානම් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙන ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට බව සිරිසේන ජනාධිපතිවරයා පවසයි. නමුත් මේ බව පවසමින් නිකුත් කළ නිවේදනය තුල ජනාධිපතිවරයා විසින් අමු අමුවේ උල්ලංඝණය කළ 19 වන සංශෝධනයේ, පාර්ලිමේන්තුව වසර හතරාමාරක් යන තුරු විසිරුවා හැරීමට නොහැකි බවට ඇති වගන්තිය ගැන සඳහනක් නැත.
සිරිසේනට මහ බැංකු අධිපතිගෙන් අනතුරු හැඟවීමක්.. පිස්සු නටලා රටේ ආර්ථීක විනය නැති කරන්න එපා
දේශපාලනඥයන් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට අවිධිමත් සහන ලබා දීම ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් සහතික කිරීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය ස්ථාවරත්වයට බාධාවක් වනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.
ඉන්ධන මිළ සුත්‍රය තිබුණා නම් තව ගොඩක් මිල අඩුවෙනවා..!
ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිල අඩු වීමෙ වාසිය මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමේ අවස්ථාවක් තිබුණද මංගල සමරවීර මුදල් ඇමැතිවරයා හඳුන්වා දුන් මිල සූත්‍රය ගොබ්බ රාජපක්ෂ පාලනය විසින් අහෝසි කිරීම නිසා ඒය මේ වන විට අහිමිව තිබේ.
සිරිසේන එන නිසා සංචාරක කර්මාන්තකරුවන් සංචාරක සම්මාන උළෙල වර්ජනය කරයි
ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන මේ වසරේ පැවැත්වීමට නියමිත සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබෙනවා.
පිස්සන් දේශපාලනයට ඒම වැලැක්වීමට ගතයුතු පියවර ෆොනී කියයි
ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා ප්‍රධානින් වාර්ෂිකව සිය මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගත යුතු බවට නීතියක් ඇති බවත් එම ක්‍රමයම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තු සැසිවාරයේදි පැවසුවා.