පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය ඇතුළු සොලොස්මස්ථාන පූජා භූමියක් බවට පත්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති, අස්ගිරිය පාර්ශවයේ අනු නායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත ඊට අදාළ සන්නස් පත්‍රය ඊයේ (20) ප්‍රදානය කෙරුණා.
පාඨලි චම්පික රණවක දැන්ම තියා 2024 ජනධිපතිවරණයට සූදානම් වීම වෙනුවෙන් එකතුකරමින් යන මතවාදය සිංහල ජාතිකවාදය මත පදනම් වූ ලිබරල් අච්චාරුවක් බවත් තවත් තැනෙක ඔහු ගෝත්‍රිකත්වයෙන් නොමිදුනු පැසිස්ට්වාදී ආකල්ප සහිත තැනක සිටගෙන සිටින බවටත් විවේචන ඉදිරිපත් වෙමින් තිබේ.
මේ වන විට බන්ධනාගාර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන රටක් තැනීම අරමුණයි -විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.
ලක්ෂ 140 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා කැතේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිස්තෝලය අතේ පත්තුවූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවයි
ගංදර පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු තුවාල ලැබු බව වාර්තා වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කළා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.