පාසල් සිසුන් රක්ෂණය සඳහා ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව වාසිදායක හ නිවැරදි ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබියදී එම රක්ෂණාවරණ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ' රක්ෂණ සේවක එකමුතුව' විසින් මෙම චෝදනාව එල්ල කරනු ලබයි.
ජාතික ආණ්ඩුවකට එරෙහි, සිරිසේනගේ සදාචාරය ප්‍රශ්න කළ යුතුය.
සිරිසේන ජනාධිපතිවරයා මෙවර නිදහස් දිනයේදී තමන්ගේ අසික්කිත කම පෙන්වීමට නැවත වතාවක් උත්සහ කර ඇත. ජාතික නිදහස් දින කතාවකට වඩා තමන්ගේ අඩවැඩියාව ප්‍රකාශයට පත් කරමින් ඒ උත්සව අවස්ථාවත් කෙලසා දැමුවේය.
ශ්‍රි ලංකාව ස්වාසිලන්තය හා සම වෙයි.. වංචාවෙන් දූෂණයෙන්
2018 වසරේ ලෝකයේ දූෂිතම රාජ්‍ය ලයිස්තුවේ 89 වන ස්ථානයට ශ්‍රිලංකාව නම් කිරීමට ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයක් වන Transparency International ආයතනය කටයුතු කර තිබේ.
ලංකාවේ දූෂිතම ආයතනය මගනැගුම..! දෙතුන් පැත්තෙම අය වවාගෙන කනවා.
මහා මාර්ග ඉදිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිවරයාවේ සිටි සමයේදී ඇතිකරන ලද මග නැගුම ආයතන ත්‍රිත්වය වර්තමානය වන විට මෙරට දූෂිතම රාජ්‍ය සමාගම් බවට පත්ව තිබේ. රාජපක්ෂ සමයේදී පටන් මෙම සමාගම් අතිශය දූෂිත ආයතන වූ අතර .එම දූෂිත ක්රමවේදයම අදත් එලෙසම පවත්වගෙන යෑමට සියලු බලධාරීන් හා නිළධාරීන් කටයුතු කරමින් තිබේ.
රටේ සංවර්ධනයට වියදම් කරන සෑම රුපියලකින්ම ආදායමක් ඉපැදවිය යුතුයි - චම්පික
වියදම් කරන හැම රුපියලකට වටිනා කමක් ලැබෙන ආදායමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිම අපේ ප්‍රතිපත්තිය විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි, . මේ නත්තල් පප්පලා වගේ බෙදාගෙන බෙදාගෙන යන්න නම් රටකට ආදායම් තිබිය යුතුයි. ආදායම් නැතිව ණයගැති උනහම, ඒ ණය ගෙවාගන්න බැරිව රටවල් බංකොලොත් වෙනවා.
දිලිත්ගේ ටොම් පච.. ' වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් ලංකාවට '
දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරට අයත් අරුණ නම් පත්තර පඩංගුවේ මුල් පිටුවේ “ වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි” නමින් පලවූ පුවතක් පලවී තිබූ අතර එම පුවතෙන් සදහන් වී තිබුනේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.
රණ විරු ලේබලයට මුවා වූ මිනී මරුවන්ට දඬුවම්..! සිරිසේන එකඟයි
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා විභාග කර නිසි දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයාගේ ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්ව තිබේ.
මත්තෙගොඩ බස් නැවතුම්පොළ පොහොට්ටු මන්ත්‍රී තමන්ට පවරගෙන. 138 බස් වර්ජනයක්.!
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී.