මෙරට රාජ්‍ය බුද්ධි අංශයක් කියා දෙයක් ඉස්සර ක්‍රියාත්මකව තිබිණි. රටේ ඕනෑම කොණක මොන හාවක් හූවක් ගියද වෙන්නේ මොකක්ද, කවුද කින්ද මන්ද කියා දැන ගැනීමේ හැකියාවක් එයට තිබිණි. රාජ්‍යයේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමට එම බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය ඉහල දායකත්වයක් ලබා දී තිබිණි.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් වැඩි ප්‍රමාණයක් සිටින පාසල් පරිපාලනය කිරීමේ පහසුවට පාසල් කලමනාකරුවෙකු පත් කිරීම යෝජනාවක් අධ්ප‍යාන අමාතයංශ්‍යයට ලැබී තිබේ.

දේශපාලයේ ක‍්‍රෑරත්වයෙන් අගතියට පත් පවුල්වලට සාධාරණය ඉටුකිරීමේ ප‍්‍රබල ආශාව තමා තුළ ඇතිවීම කෙරෙහි එම ක‍්‍රෑරත්වයට එරෙහිව සටන්කළ හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ වදන් ද හේතුවූ බවත් එය දෛවයේ විශාලතම සරදමක් බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට දූෂණ වංචා ‍තෝතැනක බවට පත්වෙමින් තිබෙන බවට තොරතුරු හෙළිවෙමින් තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරග ,වෙනත් උත්සව අවස්ථාවන් වෙනුවෙන් වෙන් කරන මුදලින් ගසා කෑම මෙන්ම නාස්තිය ඉතා බරපතල ලෙස ඉහළ යෑම පසුගිය කාලයේදි සිදුව තිබේ. ඊට අමතරව ක්‍රීඩා සංගම් මා‍ෆියාවේ හොර ගනුදෙනු නිසා අමාත්‍යංශය මුළුමනින්ම හොර ගුහාවක් බවට පත් වෙමින් තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනවා යැයි කියන විශ්වාසභංග යෝජනවක් ගැන ගැන කසු කුසුව නිසා. ශ්‍රීලනීපය යළි දේශපාලන වශයෙන් අනාත වෙමින් තිබෙන බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනට ස්ථිරසාර දේශපාලන ප්‍රතිපත්තියක් නොවීම හා තීන්දු ගැනීමේදී වැනෙන සුළු සහ නිරන්තරයෙන් තීන්දු වෙනස් කිරීම නිසා ශ්‍රීලනීපය මුහුණ පා සිටින දේශපාලන අර්බුධය මෙම විශ්වාස භංග යෝජනාව නිසා යළිත් උත්සන්න වී තිබේ.

අපි ජනගහනයෙන් අඩකට වැඩි වෙමු. අපි අපගේ පවුල්වල ආදායම් උපයන්නන් වෙමු. සුරැකුම්කරුවන් වෙමු. කර්මාන්තශාලාවල, වතුවල, ගොවි බිම්වලට, එතෙර හා නිවෙස්වල අපි උත්සහාවන්ත ලෙස ශ්‍රමය වගුරවන්නෙමු. අපගේ රටට ස්ත්‍රීන් අහසින් අඩකටත් වඩා දරා සිටී.

පසුගිය ඉරිදා අයිලන්ඩ් පුවත්පතෙහි ගෝඨාභය ගැන ඉංග්‍රීසියෙන් පලවූ ලිපියකට ,ගෝඨාභය සිංහලෙන් උත්තරයක් ලියා ඊයේ තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ දමා ඇත. ඒ අයිලන්ඩ් පුවත් පතට යොමු කරාද නැද්ද දන්නෙ නැති නමුත් මේ සිංහල උත්තරය නම් තමන්ගේ බැතිමතුන් වෙනුවෙන් බවට සැකයක් නැත.

ශ්‍රී ලංකාව අඩු වියදමක් යටතේ දුප්පතුන්ට මිත්‍රශීලීව ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබේ. විශ්වීය සෞඛ්‍ය පිළිබද අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.

ld add copy

Connet With Us