රක්නා ලංකා සමාගමට නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන පරීක්ෂණයේදි සනාත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

කොළඹ නගර ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති කාලය දීර්ග කිරීමට රජය තීරණය කිරීම වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් රජය දරණ උත්සහායක ප්‍රතිඵලයක් බව පරිසර හා ස්වභාදහම් අධ්‍යනය මධ්‍යස්ථානය පවසයි.

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දශකයකට ආසන්න පාලනය තුළ රටේ සමාජ දේශපාලන දේහයේ ඔඩුදුවා තිබූ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනුවට යහපාලන ප්‍රතිපත්ති මත නව ජනවරමක් ඇතිකර මාස නමයකට ආසන්න කාලයක් ගතවී තිබේ. ජනවාරි 08 ජනවරම තුළ අඩංගු ප්‍රධාන ජනතා අපේක්ෂාවන් වූයේ රාජපක්ෂ මහතා පුද්ගලයෙක් ලෙස පරාජය කිරීමට එහා ගිය එම යුගයේ ඇති කරන ලද දේශපාලන සංස්කෘතිය පිටු දැකීමත් ඉදිරියේදී එවන් තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ වළක්වන දේශපාලන නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ ස්ථාපිත කිරීමත්ය. ඒ සඳහා කාලයක් තිස්සේ මෙරට දේශපාලන හා සිවිල් සංවිධාන විසින් ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ ගණනාවක් ජනවාරි 08 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද නිශ්චිතව සඳහන් කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙරට මනව හිමිකම් කඩවීම සම්බන්ධයේ වූ සිදුවීම් පරික්ෂා කිරීමට මිශ්‍ර අධිකරණයක් යෝජනා කිරීම ගැන නාමල් රාජපක්ෂ මහතාට යකා වැසී තිබේ. නාමල් කියන්නේ දේශිය පරීක්ෂණ කරන්න මේ රටේ නීති ප්‍රමාණවත් බවය.

'සිංහලයිනි නැගිටියව්,බෞද්ධයිනි අවදිවව්' යැයි කියමින් අන් ජාතින් ආගම් අපහාසය උපසායට ලක් කළ අනගාරික ධර්මපාල නමින් පෙනී සිටි පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් මතු කළ අදහස විවේචනයට ලක් කරමින්, මෙරට ඉතුරු වී සිටින ජාතිවාදී ආගම්වාදී ගොත්‍රිකයන් පිරිස කුලප්පු වී සිටී.

UNO වාර්තාව

Published in පුවත්
Thursday, 17 September 2015 08:42

ජීනීවා හි (16 සැප්තැම්බර් 2015) එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත.

දැදුරු ඔය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුකරන ජිෆී සමාගම හොඳම අපනයන සමාගමට හිමි රන් සම්මාන ලබාදීමට තෝරාගෙන ඇති බවත් එවැනි පරිසර දූෂණයට සෘජුවම වගකිවයුතු සමාගමක් සඳහා ජාතික මට්ටම් සම්මාන ලබාදෙන්නේ කුමන පදනමක් යටතේද යන්න ගැටලුකාරී බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. අද (16) සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Connet With Us