මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අද (14දා) සහ හෙට (15දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රි ලංකා යුධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන සෙනෙහස ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිද්ධිය යට ගැසීම සඳහා යුද හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ බිරිඳකගෙන් හා වත්මනේ ඉහළ තනතුරු හොබවන්නකුගෙන් බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.
සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි ඉන්දික ගුණවර්ධන අභාවප්රාප්තවේ
හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයෙකුවන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අද (14) ආරම්භ වෙයි.ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ඊට සහභාගි වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත දූත පිරිසක් මේ වන විටත් ජිනීවා නුවරට ගොස් සිටිති.
ලිංගික අතවර ගැන හොයන්න, යුදහමුදා පොලීසිය ‘සෙනෙහස’ට කඩා පනී
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන සෙනෙහස ළමා නිවාසයේ සිදුවා ඇති බව කියන අක්‍රමිකතා හා ලිංගික ආපයෝජන පිළිබඳ සොය බැලීම සඳහා අද උදෑසන 'යුද හමුදා පොලිස් කණ්ඩායමක් 'එම ළමා නිවාසයට හදිසියේම ඇතුලු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මට ගැලපෙනම අමාත්‍යංශය තමයි, අගමැතිතුමා දුන්නේ - වජිර
අගමැතිතුමා විසින් තමන්ට ලබාදුන් අමාත්‍යංශය උප්පැන්න සහතිකේ ඉඳලා මරණ සහතිකේ දක්වා ඉතා විශාල මෙහෙවරක් ජනතාවට ඉටුකරණ එමෙන්ම ජනතාව වෙත ලඟා වියහැකි අමාත්‍යාංශයක් බවත්, අගමැතිතුමා ගැලපෙනම අමාත්‍යාංශය තමාට ලබා දුන් බවත්. පසුගිය දා (12) ගාල්ල හබරාදුවේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වු නව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
සම්මුතිවාදී දේශපාලනය පරීක්ෂාවට ලක්වීම - ජයතිලක ද සිල්වා
දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ.
ලංකාවේ වසරකට ලිංගික උත්තේජක පෙති ලක්ෂ 200ක් අලෙවි වේ
ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.