මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් ජනවාරි 08 රටේ ජනතාව ලැබූ ජයග්‍රහණය පාවා නොදෙන ලෙස සහ නැවත ජාතිවාදී මහින්ද රාජපක්ෂ ඇතුලූ දූෂිත නඩය බලයට පත්වීමට ඇති සියලූ ඉඩ කඩ අහුරන ලෙස ඉල්ලමින් පැවැත්වූ කලූ විරෝධය අද(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.
මීට පෙර කලා වැව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධාකවරයා වූයේ දුමින්ද දිසානායක මහතාගේ පියා වූ දිවංගත අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාය.
මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම සහිත නව සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආර්සී විජේගුණරත්න මහතා පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය වීමෙන් අනතුරුව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ම තරඟ වැදීමට සූදානමින් සිටින බවට ප්‍රවෘත්තියක් පලවිය.
එතනෝල් සහ කුඩුකාරයින්ට නාමයෝජනා දුන් මෛත්‍රී “මතින් නිදහස් රටක්” ගැන කතා කරයි
රටේම නම ගිය අපරාධකරුවන්, එතනෝල් ජාවාරම්කරුවන් සහ කුඩු ජාවාරම්කරුවන්ට නාමයෝජනා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පට්ටපල් බොරු කියමින් ජනතාව ගොනාට ඇන්දවීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරකම්,බලුකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින් අාරක්ෂා කළ බව ඔහුම පවසා අැති නිසා හොරකම්,බලුකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින්ව රටට හෙළිකරන ලෙස රෝසි සේනානායක මහත්මිය අභියෝග කර සිටියාය. අැය මේ බව පැවසුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.