දෙමළ ජාතික සන්ධානය සිය නොහැකියාව වසා ගැනීම සඳහා ජාතිවාදය අවුස්සා ඡන්ද ගැනීමට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මැතිවරණයෙන් අනතුරුව ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමු ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පැවසුවේය.

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

පසුගිය කාලයේ පාතාලයට විරුද්ධව හඬ නැගූ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වර්ථමානයේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැවැති උත්සහවයකට සහභාගී වෙමින් පවසා ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේ වර්ථමානයේ මෙරට තුළ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවයි. එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ වර්ථමාන ආණ්ඩුවේ සෑම ප්‍රචාරයන්ම බොරු ප්‍රචාරයන් බවට ඔප්පු වී ඇති බවකි.

තැපැල් ඡන්දය ඇරඹේ

Published in පුවත්
Monday, 03 August 2015 09:49

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසිම අද (03) ආරම්භ වේ. ලබන 5 සහ 6 යන දිනවලද මෙම තැපැල් ඡන්ද විමසීම සිදු කිරිමටද නියමිතය. මෙවර මහමැතිවරණය සදහා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට පන් ලක්‍ෂ හැට හයදහස් අටසිය විසිතුන් දෙනෙක් සුදුසුකම් ලබා ඇත.

යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩ වන හැටි නමින් හිටපු ඇමති විමල් වීරවංශ විසින් ලියන ලද පොත එළිදැක්වීම ඊයේ (02) විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ඔහුට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවිය මේ පිළිබදව පූර්ව ප්‍රචාරක ප්‍රවෘත්තියක් පළ කරමින් කියා තිබුණේ "කරදර බාධක දසදහසක් මැද විමල් පොතක් ලියා එළිදක්වන" බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළොම්පුර සිට ඓතිහාසික සෙංකඩගල ‍රාජධානියට පැයකින් ළඟාවිය හැකිසේ තැනෙන “කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයට” මුල්ගල තැබීම අද (03) උදේ 9.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩවත දී සිදුකැරේ. කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක කොටස ඉදිකිරීමට අද මුල්ගල තැබේ.

ld add copy

Connet With Us