මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කිරීම් ඉලක්ක කර ගත් ‍රැස්වීම සඳහා ශ්‍රී ලනීපයේ මහින්ද පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස මින් පසු සහභාගී නොවීමට තීරණය කර ඇත.

උතුරේ කොටි කොඩි නැවත ඔසවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 19 දා කඹුරුපිටියේදී කළ ප්‍රකාශය ජනවර්ග අතර විරෝධය සහ මහජන කැලඹිලි ඇති කිරීමට තුඩු දෙන්නක් වන හෙයින් අපරාධ නීතිය යටතේ ඔහුට එරෙහි ව කටයුතු කළ හැකි බවට නීතිවේදීහු පවසති.

මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට පොදු ව්‍යාපාර ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝප්) යටතේ අනු කමිටුවක් කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (22) පත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහිව නැගී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම නීතිපතිවරයා පෙරේදා අත්හිට වූයේය. අදාළ මන්ත්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසිය වෙත නිකුත් කැර ඇති නිවේදනයට අනුව නීතිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළුව යාපනයේ උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරේ.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා දැරු සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ඒ වෙනුවට තම පවුලේ හිතවතකු හෝ ඉදිරිපත් කිරීම සඳහා මේවන විට සැලසුම් කරමින් සිටී.

අතිශය අමානුෂික ලෙස සමූහ අතවරයට ලක්ව මරාදැමුනු විත්‍යා සිසුවියගේ මරණය දේශපාලන අවස්ථාවාදයට යොදාගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ග්ලයිපොසේට් නම් වල් නාශකය ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව ජනාධිපතිවරයා අද (22) බණ්ඩාරනායක සමරුහලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us