ඌව පළාත් මහ ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචානාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සභාපති ලෙස අලුතින් තේරී පත් වූ ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හමුවූයේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඔහු නාමයෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමකින් තොරව සුවිශේෂි ආකාරයෙන් නාම යෝජනා ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන පිරිස්‌ සම්මුඛ පරීක්‍ෂණ සඳහා නාම යෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමට සූදානමින් සිටින බවද ඊයේ (20 වැනිදා) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පත්වූ ඇමැතිවරුන් පිරිසක්‌ අද (21 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට නියමිතය. පක්‌ෂයේ දැඩි විරෝධය නොතකා විසුරුවා හැරි පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ඉල්ලා අස්‌වීම සිදුකරන බව එම පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවිය දුෂ්‍ය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඊයේ (20) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස 03 දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(20) නියෝග කළේය.

කයිට්ස්, පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි සිවලෝගනාදන් වින්ද්‍යා පාසල් දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කළ පිරිසක් පාලනය කිරීමට යාපනය අධිකරණ සංකීර්ණය අසලදී පොලිසිය අද(20) දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මෙරට හිටපු රාජ්‍ය නායකයන් දෙදෙනකු, හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් හයදෙනකුට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට සංදේශයක්‌ යවා ඇත.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us