ආණ්ඩුව විසින් සරසවි භික්ෂු බඳවාගැනිම් කප්පාදුවට ලක්කරන බවට චෝදනාකරමින් පිරිවෙන් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් අද(19) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) තීරණය කර තිබේ.

2012 වර්ෂයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් මරාදැමීමේ  සිද්ධිය විමර්ශනය කිරීමට රජය මගින් පත් කළ තුන් දෙන්නේකුගෙන් යුතු කමිටුව ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සහ විදේශ රටවල මූල්‍ය ආයතනයන්හි අයථා ලෙස තැන්පත් කර ඇති වත්කම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා අැමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂණ කණ්ඩායමක් මෙරටට පැමිණ සිටී.

රහස් පොලිසිය රගර් ක්‍රීඩක මොහොමඩ් රෆීක් තාජුඩීන් මරණය මිනීමැරුමක් බව තහවුරු කර තිබේ. පොලිසිය පවසන ආකාරයට තජුඩින්ගේ මරණය සමබන්ධ තොරතුරු සහ ස්වභාවය පදනම් කරගෙන අපරාධ විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයෙන් පසු මෙම තීරණයට එළඹ තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙහෙය වීමෙන් සංවිධාන කරන හය වන දකුණු ආසියානු සමුළුව අදින් (19) ආරම්භ වේ. ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව මෙහිදි ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක් කෙරේ. සමුළුවේ ආරම්භක දේශනය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් සිදු කරයි. කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් රැසක නියෝජිතයින් එක්වේ.

යළිත් යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යතුරුපැදි ලබාගෙන රුපියල් 50,000 ක සහනමිල ගෙවීම මග හැර සිටින හිටපු නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට යතුරුපැදි ලියා පදිංචි කිරීමේ සහතික පොත නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us