විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂව නැවත බලයට ගෙන ඒම සඳහා දිවා ‍රැ වෙහෙසෙන්නේ කුමකටද යන්න ගැන ඔහුට එල්ල වී ඇති දූෂන වංචා ප්‍රමාණය අනුව පැහැදිලි වන බව දේශපාලන විචරකයන්ගේ මතය වේ. රාජපක්ෂ පාලන සමයේදී ඕනෑ තරම් දූෂණ වංචා කිරීම සඳහා ඉඩ කඩ විවෘතව තිබිණි. ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ නොපැවැත්විනි.නැවත මේ දූෂිත පාලකයාව බලයට ගෙන ඒමට සැරසෙන්නේ තමතමන්ගේ දූෂණ වංචා හෙළිවීම වලක්වා ගැනීමට බව මේ අනුව තහවුරු වේ. මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන අනෙක් විශාල පිරිසකටද  විවිධ දූෂණ වංචා සඳහා චෝදනා එල්ල වී තිබේ.

ප‍්‍රංශ පුවත්පතක් වන ලේ මොන්ඬේ යටතේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැළී සිටින ඇමරිකාවේ වොෂින්ටන් නුවර පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සම්බන්ධ අන්තර්ජාතික එකමුතුව (ඉන්ටනැෂනල් කොන්සෝර්ටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ස්) ප‍්‍රසිද්ධ කර තිබෙන රහස් සුවිස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක ශී‍්‍රලාංකිකයින් 40 දෙනෙකුගේ පමණ නම් සදහන්ව තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 98 දෙන්නෙක් එකඟ වී ඇති බව වාර්තාවේ. මෙහිදී හිටපු අගමැති දිමු ජයරත්න මහතා ලේකම් ධුරය හොබවන පු‍ටුව ලකුණ දරන 'පොදු පෙරමුණ' නම් පක්ෂය මඟින් රජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව බවද වාර්තාවේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තරග කළේ මෙම පක්ෂයෙනි.

යුද්ධය නිසා මිය ගිය ඥාතීන් සැමරීමේ උත්සව උතුරේ දෙමළ ජනතාවට තහනම් කිරීමටත් මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව ක්‍රියාකරමින් තිබීම වත්මන් ආණ්ඩුව ද සිංහල බෞද්ධ වර්ගවාදය සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති බවට උදාහරණයක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. කිසිදු තාර්කික සාධාරණ පදනමක් නොමැතිව මෙම මෙම තහනම ක්‍රියාත්මක කර ඇති අතර මෙමඟින් යළි දකුණේ සිංහලයා කෙරෙහි උතුරේ ජනතාවගේ වෛරය ගොඩනැගීමට හේතුවන බව ද ඔවුන් පෙන්වා දෙති.

මුහුදේදී සිදු වන අනතුරු හේතුවෙන් ජිවීතක්ෂයට පත්වන ධීවරයන් සඳහා රුපියල් දසලක්ෂයක නව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ධීවර අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයකු වූ ලයනල් බෝපගේ මහතා මෙරට ද්විත්ව පුරවැසි භාය ඉල්ලුම් කර ඇතත් ඒ ලබා දෙනෙනේද නොදෙන්නේද යන්න ගැන ආණ්ඩුව දෙගිඩියාවකින් සිටින බව වාර්තවේ.

මෙරට අත්අඩංගුවේ පසුවු තමිල්නාඩු ධීවරයන් 37 දෙනෙකු ඊයේ (15) නිදහස් කිරිමෙන් අනතුරුව ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු නිදහස් කර තිබේ.

අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු යන්න තේමාව කර ගනිමින් ජාතික බලශක්ති වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ජවන ශක්ති යාත්‍රා" ප්‍රදර්ශණාත්මක ධාවන තරගය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විය.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us