අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන එල්.කේ. විමලචන්ද්‍ර මහතා ඉල්ලා අස්වු බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ සිදුව ඇති විශාලම මාධ්‍ය කප්පම පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇතැයි 'දෙරණ' නාලිකාව කියා සිටියි.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

ශ්‍රී ලංකාව යළිත් ආයෝජකයන් ආකර්ෂණය වන රටක් බවට පත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට අදාළ ගැසට් නිවේදනය මාසයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා-දූෂණ සිදු වී ඇත්දැයි විමර්ශනය කර මොරටුව විශ්වවිද්‍යාලය මගින් සකස් කළ වාර්තාව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතාට භාර දී ඇතත් ඊට අදාළව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම නිසා එය යට ගැසීමේ උත්සාහයක් පවතින බවට සැක මතු වී තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය විල්පත්තු උතුරු කල්ලාරු සහ පෙරියමඩු වනාන්තර විනාශය බව පරිසරවේදීහු කියා සිටිති.

මූල්‍ය වංචා ඇතුළු අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගැනීමට නියමිත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ පළාත්සභා, පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් දිව්රුම් ප්‍රකාශ එකතු කිරීමේ මෙහෙයුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භකර තිබේ.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us