19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වි ඇති බැවින් ඊට අදාළව ස්වාධින කොමිෂන් සභා සහ ප‍්‍රධාන තනතුරු යළි පත්කළ යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් දොළොස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ.

ඉදිරියේදි පිහිටුවන ලබන සිය රජය මඟින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය නියත වශයෙන්ම අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

කයිට්ස්, කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු කයිට්ස් පොලිසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ආයෝජන පහසුකම් සඳහා මෙන්ම නව කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කිරීමට එකඟත්වය පල කිරීමට චීනයේ, චින්ඩාවෝ ප‍්‍රාන්තයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15 ක් එකඟ වී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු අද (18දා) නිදහස් විය. කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද(18) කතානායකවරයාට බාර දී ඇත. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු  88ක්  අත්සන් තබා  තිබේ.

ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම තවදුරටත් ජුලි මස 02දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18දා) නියෝග කර තිබේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us