2024 ජනාධිපති වරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට අද දිනයේ සිට ඇප මුදල් තැන්පත් කළ හැකි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සේවධින අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසන සිදුවිය.

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇත.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය.

විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම් සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයක් බවත් විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන දේශිය වෙදකම ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසා සිටියි.

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ආරකෂාව පිළිබඳව තවදුරටත් නිසි අවධානය යොමුවිය යුතු බව එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

 

ld add copy

Latest News

Connet With Us